Home » රනිල් – සජිත් එකම පිළක – අචාර්ය දයාන් ජයතිලක

රනිල් – සජිත් එකම පිළක – අචාර්ය දයාන් ජයතිලක

by Nirodha Gamage

ආචාර්ය දයාන් ජයතිලක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විමර්ශනයක් නියැළෙමින් කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැකියාවෙලිට හෝ ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාට සමාන කිරීම ඒ තිදෙනාටම සිදු කරන අසාධාරණයක් බවයි.

පසුගියදා වීදිවල විරෝධතාවයේ යෙදුනු සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ සැකයක් මතු කරන බවත් මේ වනවිට රනිල් ජනාධිපතිවරයාට එරෙහිව සටන් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග තවත් පෙරමුණු දෙකකදී සමගි හා ජාතික ජන බලවේගයන් සමග සටන් කිරීමට ඔහුට සිදුවනු ඇති බවත් ආචාර්යවරයා පවසනවා.

පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීමට 71% ක් කැමති වන බවට වන සමීක්ෂණ ප්‍රතිපලය මගින් රනිල්ගේ බලයට බරපතළ එල්ල වී ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වුවත් අචාර්යවරයා පැහැදිළිව කියා සිටින්නේ සමගි ජන බලවේගයේ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපායමාර්ගය එකක් බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions