Home » රනිල් මරණ දඬුවමට බෑ කියයි

රනිල් මරණ දඬුවමට බෑ කියයි

by Nirodha Gamage

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු වරෙන්තුවකට අත්සන් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවත්, එමගින් තමාගේ පූර්වගාමීන් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (23) දැනුම් දුන්නා.

අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වූ වැරදිකරුවන්ට මරණ දඩුවම ලබා දීමේ කිසිදු වරෙන්තුවකට ජනාධිපතිවරයා අත්සන් නොකරන බව ජනාධිපති ලේකම්වරයා ලිපියක් මගින් දන්වා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබුණා.

ඒ අනුව විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙත්සම්වලට අදාළ කටයුතු අවසන් කිරීමට තීරණය කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියාසෝති සරවනමුත්තු සහ නීතිඥ කවිඳු හේවා ගීගනගේ ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු විසින් පෙත්සම් ගොනු කර තිබුණේ නීතිපති, අධිකරණ අමාත්‍ය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී සහ වගඋත්තරකරුවන් ලෙස තවත් කිහිප දෙනෙක් නම් කරමින් .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙත්සමෙහි සඳහන් කළේ, මරණයෙන් එල්ලා මැරීම බහු ආගමික සහ ශිෂ්ට සමාජයකට නොගැලපෙන කෲර සහ අමානුෂික දඬුවමක් බව බොහෝ කලක සිට පිළිගෙන ඇති බවයි. වරදකරුවන්ට මරණ දණ්ඩනය නියම වී ඇතත්, වසර 43 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන පිළිගත් ක්‍රියාවක් වන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions