ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට හිස නමා නව පොලිස් ප්‍රධානියා සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයාට සමීප මූලාශ්‍රයක් වාර්තා කරයි.
මේ සතිය අගදී විශ්‍රාම යාමට නියමිත චන්දන වික්‍රමරත්නගේ අනුප්‍රාප්තිකයා ලෙස ආන්දෝලනාත්මක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට අමාත්‍ය ටිරාන් අලස් බලපෑම් කර ඇතැයි වාර්තා වේ.
“ජනාධිපතිතුමා දේශබන්දු එපා කිව්වා. වික්‍රමරත්නගේ ධූර කාලය අඩුම තරමින් තවත් අවුරුද්දකින් දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා” යැයි මූලාශ්‍රය වැඩිදුරටත් පවසයි.
තෙන්නකෝන්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගිය සතියේ නම් කළ බවට මාධ්‍ය වාර්තා දැකීමෙන් ජනාධිපතිවරයා කෝපයට පත් වූ බවද එහි සඳහන් වේ.