Home » රනිල් තව වසර 5කින් රට ගොඩ ගත නොහැකි මට්ටමට වට්ටනවා – උදය ගම්මන්පිළ

රනිල් තව වසර 5කින් රට ගොඩ ගත නොහැකි මට්ටමට වට්ටනවා – උදය ගම්මන්පිළ

by Nirodha Gamage

ඩොලර් බිලියන 7.4ක් ණය ලෙස ලබා ගැනීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවත් මෙම ණය ගැනීම හේතුවෙන් තවත් වසර පහකින් පමණ මීටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වනු ඇති බව විතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් IMF ණය මේ මාසයේ ලැබෙන බවට ආඩම්බරයෙන් ප්‍රකාශ කළා. එතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නු අයෙකුට තේරෙන්නේ ආණ්ඩුව වැරදි පාරේ යන බවයි. ආණ්ඩුව යන පාර වැරදියි කියලා සිතන අයට විකල්පය මොකක්දැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියා. අපි දැන් සෑහෙන කාලෙක සිට විකල්පය කියනවා. එතුමන්ට ඇහෙන් නැති එකයි ප්‍රශ්නය.

ආණ්ඩුවේ උපාය මොකක්ද? මුලින්ම ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ණය හිමියන්ගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කරනවා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගෙන සංචිත වැඩි කර ගන්නවා. දැන් ඔන්න අපි බංකොලොත් භාවයෙන් මිදිලා. ඊළඟට? මේ බංකොලොත් භාවයෙන් මිදීම ප්‍රයෝජනයට අරගෙන වැඩි වුණු සංචිත පෙන්වමින් ණය පිට ණය අරන් නැවතත් රට ණය උගුලක සිරකිරීමයි.

ඉදිරි වසර තුනට ලබා ගන්න දැනට සැලසුම් කරලා තිබෙන ණය බැලුවොත් මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9යි. ලෝක බැංකුවෙන් ඩොලර් බි. 1.5යි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයයි. බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 2යි. ඔක්කොම ඩොලර් බිලියන 7.4යි. මේ හැම සතයක්ම පොලිය සමග ආපසු ගෙවන්න ඕනෑ. ඒ අතරේ 2025 සිට දැනට නතර කරලා තිබෙන ණය ආපසු ගෙවීම පටන් ගන්න ඕන. ඒ කියන්නේ තවත් වසර පහකින් මීට වඩා දැවැන්ත ආර්ථික අර්බුදයක මේ රට යළි සිර වෙනවා කියන එකයි. අපි මේ හදන්නනේ අපි සිරවුණු අර්බුදයට වඩා ලොකු අර්බුදයක ඊළඟ පරම්පරාව හිර කරලා අපි තාවකාලිකව ගොඩ යන්නයි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions