Home » රනිල්ට ඉන්නේ රනිල් විතරමද? – රටේ රාළ

රනිල්ට ඉන්නේ රනිල් විතරමද? – රටේ රාළ

by Plus One

” රනිල් රාජපක්ෂගේ සිට රනිල් ලෙනින් දක්වා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් ජනාධිපතිවරණ කැම්පේන් එකට සෙට් වෙන විදිහ ගැනයි.රනිල් ඒක අනිත් අය වගේ අමුවට කරන්නේ නෑ.රනිල් එතෙන්ට එන්නේ එයාගේ අනිත් project ටිකත් එක්ක.රනිල්ගේ ආර්ථික සහ ජාත්‍යයන්තර මෙහෙයුම election campaign ඒකට බද්ධ කරගෙන දුවන්නයි රනිල් හදන්නේ.

ඒ වගේ රනිල් කාටත් නොපෙන විදිහට එලලා තියන දේශපාලන project එකත් රනිල් උපරිමයෙන් පාවිච්චි කරගන්නවා.ඒ සමහර උගුල්වලට සජිත්ලා අනුරලා දැනටමත් අහුවෙලා ඉවරයි. අනුරගේ ඉන්දියන් ගමන පිටිපස්සේ රනිල්ගේ සෙවනැල්ල තිබුණ බව දැන් රහසක් කාටවත් නෙවෙයි.අනුරටත් දැන් ඉන්දියන් ගමන ඉස්සරහා ඉන්න වෙලා තියෙන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවට වගේ.හැබැයි රනිල් නං තවම කතා කරන්නේ රටේ ආර්ථික සංවර්ධනය ගැන.

කොච්චර උනත් රනිල්ගේ ආර්ථික ව්‍යාපෘති මාකට් කරන්න තවමත් රනිල් වටේට ඉන්න අයට බෑ.දැන් රනිල් ජනාධිපතිවරණයට එන එක ෂුවර්.ඒ ඉවෙන්ට් එක දුවන්න රනිල් හෙට අනිද්දම පළවෙනි මන්තීරුවට වර්තා කරනවා.ඊළඟට තියෙන්නේ ඉවෙන්ට් එකට face කරලා දිනන එකයි.ඒක ගැන නං රටේ රාළ ගැරන්ටියක් දෙන්න බෑ.රනිල් මොනවා කලත් තවමත් මේ රටේ බහුතරය හිතන්නේ රනිල් මොකවත් කරන්නේ නැති පිටරට සවාරි ගහගහ රටේ සල්ලි නාස්ති කරන නායකයෙක් කියලයි.

ජවිපෙ සහ සජබය ඒ මතය වපුරද්දී ඊට විරුද්ධව මතයක් ගොඩනගන්න රනිල්ගේ මීඩියා සෙට් එකට බැරිවෙලා තියනවා.ඇත්තටම අනිත් අපේක්ෂකයෝ තමන්ගේ පුටුව වෙනුවෙන් ෆයිට් කරද්දී රනිල් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න ෆයිට් කරනවා.ඒත් ඒවා හරි විදිහට සමාජගත වෙන්නේ නෑ.උදාහරණයක් විදිහට රනිල් පහුගිය දවසක අනුරාධපුරේ ගිහින් මහකනදරා පානිය ජල යෝජනා ක්‍රම විවෘත කළා.වැව්පිටියේ ඉඳන් කතාවකුත් කළා.

රනිල්ගේ කතාව කළේ ඒ ගැන සියලු දත්ත ඇතිව නෙවෙයි.ඒ පෙල හදලා දෙන්න රනිල්ගේ කතාව හදන අය අපොහොසත් වෙලා තියනවා.පානීය ජල ව්‍යාපෘතියකට ඕනි වතුර ටික මහකනදරාවෙන් ගත්තම කුඹුරු කරන්න වතුර නැතිවෙයි කියලයි ගොවියෝ එතන ඇවිත් රන්ඩු අල්ලුවේ.හැබැයි මේකේ මාස්ටර් ප්ලැන් එක මොරගහකන්ද ව්‍යාපෘතියත් එක්ක ගැට ගැහෙනවා.උතුරු ඇලෙන් වතුර ගේන ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි මහ කනදරාව.හැබැයි තවමත් මහ කනදරාවට උතුරු ඇලෙන් වතුර එන්නේ නෑ.

ඒ කියන්නේ උතුරු ඇලේ ප්‍රධාන බෙදා හැරීමේ මධ්‍යස්ථානය තමයි මහ කනදරාව.මොරගහකන්ද ජල ධාරිතාවයේ කොටසක් එතෙන්ට ආවට පස්සේ කුඹුරුවලට වතුර ප්‍රශ්නයක් එන්නේ නෑ.දැනටත් ඊට අදාල ව්‍යාපෘති වාර්තා හදලා වැඩේ ඉදිරියට යමින් තියෙන්නේ.මොරගහකන්දෙන් එන ප්‍රධාන ඇළමාර්ග වලින් මාතලේ උකුවෙල පැත්තේ ජලවිදුලි බලාගාර පෝෂණය වෙනවා.

ඒ වගේම දැනට උතුරු ඇල සහ වයඹ ඇලේ ඉදිකිරීම් කටයුතු කෙරීගෙන යනවා.ඇළමාර්ග හදනවා,පාලම් හදනවා,භූගත මාර්ග හදනවා.දැන් ඒවා කුරුණෑගල දඹූල්ල පාරෙන් එහාටත් ගිහින් තියෙන්නේ.මේක මෛත්‍රී පටන් ගත්ත හොඳ ව්‍යාපෘතියක්.ඒක ඉස්සරහට යන්න ඕනි කියන එක සම්බන්ධව කිසිම විවාදයක් නෑ.ඇත්තටම රනිල් ඒක ඉස්සරහට ගෙනියනවා.රටේ රාළ කියන්නේ මහකනදරාවෙදි රනිල්ගෙන් ගොවීන් මතු කරපු ප්‍රශ්නයට ඔයිට වැඩිය සාර්ථක උත්තරයක් දෙන්න තිබුණා කියලයි.

රනිල් එතනදී කිව්වා අපි ඉතිරි ප්‍රශ්නවලටත් උත්තර දෙනවා කියලා.හැබැයි රටේ රාළ කියන්නේ එතනට ඇත්ත කතාව ඇමිණුවේ නෑ කියලයි.ඒකට අදාල දත්ත ටික රනිල්ට දුන්නද කියන ප්‍රශ්නයක් තියනවා.රනිල් දැන් ආර්ථික ව්‍යාපෘති ගැන ලොකු බරක් තියලා තියනවා.හැබැයි ඒ ගැන පණිවිඩය ජනතාව අතරට එන්නේ නෑ.ඒක රනිල්ගේ පැත්තෙන් වෙන ලොකු අඩුවක්.

විශේෂයෙන්ම රනිල් කියන අදහස් සහ රනිල්ගේ මතය උතුරේ,නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවට යන්නේ නෑ.රනිල් කරන වැඩ විදිමත් විදිහට දෙමල භාෂාවට පරිවර්තනය කරලා උතුරට සහ නැගෙනහිරට යන වැඩපිළිවෙළක් නෑ.උතුරු සහ නැගෙනහිර ජනතාවගේ අදහස දකුණේ සමාජයට එන්නෙත් නෑ.මෙතන ලොකු සන්නිවේදන ප්‍රශ්නයක් තියනවා.රනිල් සංවර්ධනය පැත්තට සහ රට ගොඩනැගීමේ පැත්තට තියලා තියන ක්‍රියාමාර්ග ඉස්සරහට ගියාට මතවාදී තලයේ ජනතාවට දැනෙන විදිහට ඒක ප්‍රසන්ට් කරගන්න බැරි අමාරුවක රනිල් පාර්ශවය පෙලෙනවා.

රනිල්ගේ මාධ්‍ය ඒකකය වෙනුවෙන් කරන වියදම අපරාධ වැඩක් බවයි මේ වැඩවලින් තේරෙන්නේ. රනිල් කරන වැඩවලට සමාජ ආකර්ෂණය දිනවලා දෙන්න එයාලා අපොහොසත්.එක පැත්තකින් ඒ දුර්වලකම වගේම අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ තියන කඩාවැටීමත් ඒකට බලපාලා තියනවා.එජාපය දැන් කාලෙක ඉඳන් වැඩේට ලෑස්ති වෙනවා.

හැබැයි තවම සාධනීය වැඩක් වෙනවා කියලා නං පේන්නේ නෑ.ඒ නිසා මෙතන හිස්තැනක් තියනවා. රනිල්ට ඒක තේරෙනවද නැද්ද කියන්න රටේ රාළ දන්නේ නෑ.ඒ හිස්තැන මේ හැදෙන සන්ධානවලින් සම්පුර්ණ කරන්න බෑ.ඒකට යම් උත්සාහයක් ලන්සලාගේ පැත්තෙන් ගත්තත් රනිල් කරන සංවර්ධන ව්‍යාපෘතිය ගැන ලොකු සාකච්චාවක් එයාලගෙන් එලියට එන්නේ නෑ වගේම ඒක එයාලට කරන්නත් බෑ.

දැනට ඒකට යම් හෝ සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ ප්‍රසන්න රණතුංග විතරයි.ප්‍රසන්න දිස්ත්‍රික් සම්බන්ධීකරණවලදී සහ පොහොට්ටු මන්ත්‍රීලා එකතු කරලා කරන සාකච්ඡාවලදී ඒ ගැන කතා කරනවා.ඒත් ඒ සම්බන්ධව හම්බ වෙන පබ්ලිසිටි ඉතා අඩුයි.රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්න හැමෝම තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කොලය හදාගෙන තියන බව පැහැදිලියි.රනිල් ජාතිකව සහ ජාත්‍යන්තරව කරන සාධනීය වැඩ ගැන සාකච්ඡාවක් මේ කොතනකින්වත් එන්නේ නෑ.

එයාලත් තමන්ගේ න්‍යාය පත්‍රයේ කොටසක් රනිල් වෙනුවෙන් වෙන් කරන්න ඕනි.දැනට ඒක නියම බරින් කරන්නේ ප්‍රසන්න විතරයි.ගොඩක් අය බර තියලා තියෙන්නේ අගමැතිකමට,ඇමතිකමට, ජාතික ලයිස්තුවට බව පේනවා.තමන්ගේ අවසන් දේශපාලන මැච් එක ගහන වයස්ගත සෙට් එක අවසාන වටයේදී හරි ලොකු තනතුරුවලට ඉව අල්ලන බව පේනවා.ඒකෙන් වෙන්නේ රනිල්ගේ ප්‍රයත්නයට ඕනි කරන සහයෝගය එන්නේ නැති එකයි.

මේ තියන අවිනිශ්චිතකමටත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙත් ඒක.මේ අංගවිකලකම තියාගෙන නං රනිල් ජනාධිපතිවරණයට එන්නේ රනිල්ට දිනන එක හීනයක්ම තමයි.දැන් බලනකොට රනිල්ගේ පාර්ශවයේ ගොඩක් අය ජනාධිපතිවරණයට එන්නේ රටට ජනාධිපති කෙනෙක් හදාගන්න නෙවෙයි.දේශපාලනයේ අන්තිම ගැට්ටට ඇවිත් ඉන්න සීයලාට,ආච්චිලාට අගමැතිකම්,ඇමතිකම් හදාගන්න.

වැඩපිලිවෙලක් නැතිකම විසින් රනිල් කරන වැඩේට අවශය සමාජ බර හදන්න රනිල්ට බලෑණියක් නැතිකම රනිල්ට බරපතල ප්‍රශ්නයක් විදිහට තියනවා.රටේ අර්බුදය ඉස්සරහා අසාර්ථක උන සජිත් සහ අනුර තරම්වත් රනිල්ට සමාජ මතයක් ගොඩනගන්න බැරිවුන එක බරපතල ප්‍රශ්නයක්.අද මේ රට මේ තත්වයේ මෙහෙම හරි තියෙන්නේ රනිල්ගේ උත්සාහය නිසා කියන එකවත් කියන්න වැඩපිලිවෙලක් එයාලට නෑ.අඩුම ගානේ රනිල්ගේ ඒ උත්සාහයටවත් සමාජ වටිනාකමක් හදලු දෙන්න රනිල්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයට බැරිවෙලා තියනවා.ඇත්තටම රනිල්ට කියලා තවමත් ඉන්නේ රනිල් විතරමයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions