Home » රනිල්ගේ ෂොකට් එකෙන් සජිත්ට කරන්ට් වදියි.(වීඩියෝ සහිතයි)

රනිල්ගේ ෂොකට් එකෙන් සජිත්ට කරන්ට් වදියි.(වීඩියෝ සහිතයි)

by Plus One

අද දින පාර්ලිමේන්තු අය වැය විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවගේ විදුලි ගාස්තු අර්බුදය ගැන ප්‍රකාශ කළේ මෙසේය.

රටේ පවතින ආර්ථික තත්වය මත මීට මාස කිහිපයකට කලින් විදුලි බිල වැඩි කරා. එම විදුලි බිල් වැඩි කිරීම පවා දරාගත නොහැකි වූ ජනතාව තවත් අධියර දෙකක් යටතේ වැඩි වන විදුලි බිල දරා ගන්නෙ කෙසේ ද?. ” දැන් ඇත්තටම මිනිස්සුන්ට කරන්ට් වැදිලා තියෙන්නෙ, හැම ගෘහයකටම කරන්ට් වැදිලා තියෙන්නේ.”

එසේම සජිත් ප්‍රේමදාස මහතා දක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය ජන පීඩක බවයි.

කෙසේවතත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, සජබයේ කොටසක් නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට නියමිත බවයි.

මෙම තත්වය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සජිත්ගේ දේශපාලන ගමනට රනිල් විසින් කරන්ට් වද්දවා විනාශ කරමින් යන බවයි.

ඒ අදාල වීඩියෝව පහතින්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions