Home » රනිල්ගෙන් මුජිබර්ට ඇමතිකමක්

රනිල්ගෙන් මුජිබර්ට ඇමතිකමක්

by Nirodha Gamage

කොළඹ නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ක්‍රියා කළ ආකාරය විවේචනය කරමින් මාධ්‍ය හමුවේ අදහස් පල කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වූ අවස්ථාවේ තමාට ඇමතිකමක් දීම කතා කළ බවත් ජනාධිපති ධුරයට පත්වූ පසුව ඔහුගේ සමිපතමයන් ඒ සදහා ආරාධනා කරන ලද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට තමන්ට කිසිම පණිවිඩයක් එවා නැති බවත් ඔහු එවන් පණිවිඩයක් එවා තිබේ නම් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් හෙතෙම පැවසීය.

මැතිවරණ නොපැවැත්වෙන බවට පණිවිඩ එවීමට ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස් නොවන බවත් මැතිවරණය පැවැත්විය යුත්තේ මැතිවරණ කොමසාරිස් මිස ජනාධිපතිවරයා නොවන බවත් ජනාධිපතිවරයා එම පණිවිඩය එවන්නට පෙරම මැතිවරණය නොපවත්වන්නේ යයි පූර්ව නිගමනයක සිට ඇති බව එමගින් තහවුරු වන බවත් ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions