Home » රනිල්ගෙන් බණ අසා ලන්සාට ගල් ගැසීම – රටේ රාළ

රනිල්ගෙන් බණ අසා ලන්සාට ගල් ගැසීම – රටේ රාළ

by Plus One

ලන්සාගේ දේශපාලන භූමිකාව කුමක් විය හැකිද “
ලිපියට සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා.ප්‍රතිචාර අතර ගල් ප්‍රහාරත් තිබුණා.ගල් සහ මල් දෙකටම ස්තුතියි.රටේ රාළ සාමාන්‍යයෙන් commentsවලට reply කරන්නේ නෑ.හැබැයි ඒ commentsවලට අදාලව මතු කරන්න අවශ්‍ය දේශපාලන කරුණු තිබ්බොත් ඒක තවත් ලිපියකින් කතා කරනවා. මොකද වචනයකින්වත් ගැටුමකට යන්න රටේ රාළට අවශ්‍ය නෑ.රටේ රාළට අවශ්‍ය වෙන්නේ එක එක වර්ගයේ කණ්‌ණාඩි දාලා මෝඩ විදිහට අන්ඳලා තියන අපේ මිනිස්සුන්ට හිතන්න යමක් ඔළුවට දාන්න විතරයි.

ඒ ලිපියට ආපු කමෙන්ට් එකක මෙහෙම තිබුණා.
” රටේ රාළ ලන්සාව බොධි සත්වයෙක් කරන්න හදනවා ” කියලා.ඇත්තටම ඒක හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කතාවක්.දැන් ලාංකීය සමාජයේ ඔය වගේ දේවල් පැහැදිලි කරන්න තියන හොඳ මෙවලමක් තමයි බුද්ධාගම.බෞද්ධ මඟ පෙන්වීම ඇතුලේ තියන කතා කීපයක්ම ගත්තොත් ඔය ප්‍රශ්නය පහසුවෙන් විසදන්න පුළුවන්.දැන් අපි අහලා තියනවා බුදුන් ඝාතනය කරන්න දේවදත්ත ගල් පෙරළුවා කියලා.ඒ වගේම තවත් හතුරුකම් ගොඩක් දේවදත්ත කළා.හැබැයි එහෙම කළා කියලා බුදුන් දේවතත්තත් එක්ක එක් ක්ෂණයකින්වත් වෛරී සිතුවිල්ලක හිටියේ නෑ.

ඊළඟට අංගුලිමාල ගන්නකෝ.අංගුලිමාල තමන්ගේ මව විතරක් නෙවෙයි බුදුන්ව මරලා දාන්නත් ලෑස්ති වුනා.ඒ වෙනකොටත් අංගුලිමාල දහස් ගණානක් මින්ස්සු මරපු කෙනෙක්.අදත් මේ සමාජය එදා වගේම විවිධයි සහ විෂමයි. පුද්ගලයෝ අතර විවිධ ප්‍රශ්න විවිධ හතුරුකම් තියනවා.සමාජ විරෝධී වැඩ ඇති,විවිධ චර්යාවන් තියෙනවා.ආලවකගේ විමානයට බුදුන් ගිය මොහොතෙත් සිද්ධ වෙන්නේ ඒ හා සමාන සිද්ධියක්.

මෙතනදී රටේ රාළට කවුරුවත් බුදුන් කරලා කවුරුවත් ආලවක,හරි අංගුලිමාල හරි කරන්න ඕනි නෑ.රටේ රාළ කියන්නේ ඕනිම ධෛර්යයමත් මඟ පෙන්වීමකින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් කියලයි.බුදුන්ගේ ඒ මඟ පෙන්වීමෙන් අංගුලිමාල යන්න නියමිතව තිබුණ ගමන සම්පුර්ණයෙන්ම වෙනස් කළා.ආලාවක සම්පුර්ණයෙන්ම වෙනස් මිනිහෙක් කළා.ඒ හරහා සමාජ හිතකාමී මිනිස්සු බවට එයාලා පත්වුනා.බුදු දහමේ තියෙන්නේ අමුතු විදිහේ දඩුවම් ක්‍රමයක්.

වරද වටහාදීම තුලින් වරදකරුවා විසින් වරද නිවැරදි කර ගැනීමේ ක්‍රමයක්.ඒ තුලින් එයා සමාජ හිතකාමියෙක් කරනවා.ඒක හැබැයි මේ සමාජයේ ඉන්න බෞද්ධයින් තුල නෑ.බෞද්ධයෝ තමයි වැඩි වශයෙන් වෛරය දේශපාලනය ඇතුලට ගෙනැල්ලා තියෙන්නේ.ජවිපෙ කියන්නේ ජවිපෙ සාමාජිකයින් පන්සිල් රකිනවා කියලයි.පන්සිල් රකින ජේවීපී සහෝදරවරුන් ගැන දැන ගන්න එයාගේ වොල් එකේ එකපාරක් පහලට ගියහම ඇති.

ජවිපෙ තවමත් තමන් හැරගිය සියලු දෙනාට වෛරය කරන පක්ෂයක්.තමන්ගේ දේශපාලන මතයට එකඟ නැති අයට වෛර කරන පක්ෂයක්. ඒ අර්ථයෙන්ම ගත්තම ජවිපෙ වැඩියම වෛර කරන්නේ ලන්සටවත්,ඩඩ්ලි සිරිසේනටවත් නෙවෙයි.ජවිපෙ වැරදි නිසා ජවිපෙ අතහැර ගිය නන්දන ගුණතිලකලාට,විමල් වීරවංශලාට,ප්‍රේම කුමාර ගුණරත්නම්ලාට,රටේ රාළට.පන්සිල් රකිනවා කියන ජවිපෙ ඉන්නේ බෞද්ධ මඟ පෙන්වීම ඇතුලේ නෙවෙයි.

දේවදත්තගේ විනාශකාරී අපාගාමී ගමන ඇතුලේ. ලන්සා ගැන වැඩි විස්තර කියන්න රටේ රාළ දන්නේ නෑ.හැබැයි රටේ රාළට ලන්සාව බෝධිසත්වයෙක් කරන්න පුළුවන් නං රටේ රාළ දෙපාරක් නොහිතා ඒ වැඩේ කරනවා.ලන්සා විතරක් නෙවෙයි අනුර කුමාරටත්,ලේ පිපාසිත ටිල්වින් සිල්වාවටත් එහෙම කරනවා.ඇත්තටම සමස්ථ සමාජයටම එහෙම කරනවා.ලන්සා බෝධිසත්වයෙක් කරන්න රටේ රාළ හදනවා කියන කතාව කියන අය එහෙම දෙයක් රටේ රාළට කරන්න පුළුවන් කියලා හිතන එක ගැන නං සතුටක් තියනවා.

විවේචනයක් විදිහට හරි අපිට එහෙම හැකියාවක් තියන බව පෙන්වාදීම ගැන නං ස්තුතියි.ලන්සා බෝධිසත්වයෙක් වෙනවද නැද්ද කියන එක ලන්සගේ වැඩක් මිසක රටේ රාළගේ වැඩක් නෙවෙයි.හැබැයි රටේ රාළ බළකායට දේශපාලන වශයෙන් යම් මඟ පෙන්වීමක් රටට කරන්න පුළුවන් කියලා සමාජමය පිලිගැනීමක් තියනවා.

දේශපාලන අභියෝගය බාර නොගෙන පුද්ගලයන්ට මඩ ගහාලා,එයාලගේ පවුල් ජීවිත විනාශ කරලා දේශපාලනයෙන් පිටමං කරන්න හදපු තක්කඩි සංස්කෘතිය අපි පිළිකුල් කරනවා. එහෙමත් කරලා බැරි නම් එයාලා ඝාතනය කරන්න හදපු ලේ පිපාසිත දේශපාලනය ගැනත් අපි දන්නවා.ඒ දෙකටම අපි යටත් වෙන්න සුදානම් නෑ වගේම මේ සමාජය යටත් කරගන්න දෙන්න ලෑස්තිත් නෑ.

අහිංසක සාමාජිකයන් සිරි සිරිසඟබෝලා වගේ හිස දෙන්න පොළබවලා යෙහෙන් වැජඹෙන නායකයන් ගැන අපි දන්නවා.ඒක අවශ්‍ය අවස්ථාවේදී රටට කියන එක අපේ යුතුකමක් සහ වගකීමක්.අපි ඒක රනිල්,සජිත්,අනුර ඇතුළු ඕනිම දේශපාලනඥයෙක් ඉදිරියේ කරන්න ලෑස්තියි.අපි එකට බය නෑ.අපි අදත් හෙටත් මේ රටට මේ මොහොතේ සාධනීය දෙයක් කරන කෙනෙක් ඉන්නවා නං එයාව ඉතිහාසය ඇතුලේ තියලා පට්ට ගහන්නේ නෑ.

අපට වැදගත් වෙන්නේ ඔහු හෝ ඇය මේ මොහොතේ ඉෂ්ඨ කරන භූමිකාව විතරයි.ඒක නිවැරදි නං නිවැරදියි කියන්නත් වැරදියි නං වැරදියි කියන්නත් අපි බය නෑ.ඒක නිසා ලන්සා කුඩුකාරයෙක් වෙනවද,කප්පංකාරයෙන් වෙනවද නැත්තං බෝධි සත්වයෙක් වෙනවද කියන එක තීරණය කරන්න ඕනි ලන්සා.හැබැයි ලන්සා ඒ තිරණය අරන් හිටගෙන ඉන්න තැනට අනුව එයාව කියවගන්න එක සමාජයේ වගකීමක්.

ඒ ගැන අපිට දැනෙන විදිහට අපේ මතය රටට කියන්න අයිතියක් අපට තියනවා.කවුරු මොන අවලාද ගැහුවත් අපි ඒ අයිතිය පාවලා දෙන්නේ නෑ.අනුර හරි සජිත් මේ මොහොතේම සමාජයට සාධාරණ භූමිකාවක් ඉෂ්ඨ කරනවා නං ඒක කියන්නත් අපි පැකිලෙන්නේ නෑ.ඒ වගේම රනිල් හරි ලන්සා හරි වෙන කවුරු හරි රටට හතුරු භූමිකාවක් කරනවා නං ඒක කියන්නත් රටේ රාළ බළකාය පැකිලිලත් නෑ,පැකිලෙන්නෙත් නෑ.

අංගුලිමාල හොඳ මිනිහෙක් විමේ වැඩේ බුදුන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි.ඒකේ වැඩීම කොටස අයිති අංගුලිමාලට.අංගුලිමාල ඇත්ත තේරුම් ගත්තට පස්සේ කාගේවත් ඇගිලි කපන්න ගියේ නෑනේ.ඒක නිසා ඒ කන්ෂෙප්ට් එක අංගුලිමාලට විතරක් නෙවෙයි මේ ලෝකේ ඕනිම කෙනෙකුට අයිතියි.අංගුලිමාල ඇඟිලි කැපුවේ තමන්ගේ ගුරුවරයාට උන බාරයක් ඔප්පු කරන්න.

ඒක එච්චරම වැරදි නං තමන්ට ජනාධිපති වෙන්න තමන්ට විරුද්ධව මත දරන්නන් බෙල්ල කැපීම මොනතරම් වැරදිද?මේ රට බංකොලොත් කරපු තක්කඩි රාජපක්ෂලාගේ දේශපාලන භාවිතාව ආයෙත් මේ රටට ඕනි නෑ.ඒත් එයාලට දේශපාලනය කරන්න තියන අයිතිය අපි බැහැර කරන්නේ නෑ.එයාලට ගහන්න මරන්න කියලා අපි කියන්නේ නෑ.හැබැයි රාජපක්ෂලා ගෙනිච්ච දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය ආය මේ රටට ඕනි නෑ.අපි රනිල්ට කියන්නෙත් ඒක,පොහොට්ටුව එක්ක නෙවෙයි රනිල්ට ගමනක් නැත්තේ රාජපක්ෂලා එක්ක කියලයි.

ඒ මතය දරන තවත් අය ඇති.එයාලා ඒ මතයේ ඉන්නේ අපි ටියුෂන් දීලා නෙවෙයි.එයාලටත් මේ දේශපාලනය කියවන්න පුළුවන් නිසයි.රටේ රාළ බළකායේ දේශපාලන මතයට එකඟව අය සහ අපි අතර තියෙන්නේ දේශපාලන වශයෙන් මිතුරු ප්‍රතිරෝධයක්.ඒ වගේම රාජපක්ෂලාගේ දේශපාලනය නැවත කරලියට ගෙන ඒමට අභියෝගයක් වෙලා තියන අනුර යාපා – ලන්සා වගේ අයට ගහන ජවිපෙ සහ රාජපක්ෂලා අතර තියෙන්නෙත් දේශපාලන වශයෙන් මිතුරු ප්‍රතිරෝධයක්.

අපි ආත්මීය වෛරයකින් පුද්ගලයෝ එක්ක කටයුතු කරන්නේ නෑ.ලංකාවේ කිසිම පුරවැසියෙක් සම්බන්ධ අපට එහෙම හැගීමක් නෑ.අපිට පන්ති වෛරයත් නෑ,පෞද්ගලික වෛරත් නෑ.වෙන මොන වෛරයකුත් නෑ.මතුවෙන වෙනස්කම් සම්බන්ධයෙන්ද අපි සංවේදී.හෙට දවසේ මේ රටට යහපත් අනාගතයක් හදන්න එකඟ අපි අතීතයට අදාල ගල් අච්චුවල හිරවෙලා නෑ.ඒ වගේම අපි ගැන විවේචනය කරන්නත් අයතිය ඔයාලට තියනවා.

හැබැයි විචේචනය ප්‍රබල වගේම ශිෂ්ඨ  සම්පන්න වෙන්න ඕනි.කුණුහරුපවලින් සහ අවලාද වලින් කරන විවේචනය ප්‍රබලත් නෑ ශිෂ්ඨත් නෑ.‍පහුගිය ඉතිහාසය පුරා අපිට බැසිල්ලගේ,මෛත්‍රිලගේ, පාඨළීගේ ගොඩට දාලා ගැහුවා.අද අපිට රනිල්ගේ ගොඩට දාලා ගහනවා.ඒවත් තාවකාලික බව අපි දන්නවා.ඉතිහාසය විසින් කරන විනිශ්චය විතරයි අපට වැදගත්.ඉතිහාසය විසින් අපි නිදොස් කොට නිදහස් කරන බව අපි දන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

 
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions