Home » රනිල්ගෙන් චන්ද්‍රිකාට ලොකු පුටුවක්!

රනිල්ගෙන් චන්ද්‍රිකාට ලොකු පුටුවක්!

by Nipuna Fernando

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ උපදේශිකා තනතුරක් පිරිනමා තිබේ. ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙසය. එම වැඩසටහනේ පළමු රැස්වීම ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී තමන්ට හිමිවූ ජ්‍යෙෂ්ඨ උපදේශිකා තනතුර පිළිබඳව අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය පවසා සිටියේ පවතින තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් බැවින් ඒ සඳහා කටයුතු කිරීමට තමන් එකඟ වූ බව බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions