Home » රතු පාට බලවේගය ආගම් විරෝධි බලවේගයක් – සජිත් ප්‍රේමදාස

රතු පාට බලවේගය ආගම් විරෝධි බලවේගයක් – සජිත් ප්‍රේමදාස

ජවිපෙ ජය ශ්‍රී මහා බෝධියට අපහාස කරලා

by Nirodha Gamage

රටේ ආගමික සිද්ධස්ථාන පවා රජයට පවරාගැනීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය වී ඇති බවත්, පැසිස්ට්වාදි මාක්ස්වාදි රතු පාට බලවේගය ආගම් විරෝධි බලවේගයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පොලොන්නරුවේදී පෙරේදා (22) පැවැති ජන රැලියකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය:

“ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ කිසිම අයකුට ඉඩම් සම්පත් අයිති කරගන්න බැහැ. ඒවා රජයට අයිතියි. ඒ අයට ඕනෑ සමානාත්මතාව ඇති කරන්නලු. ව්‍යාපාරික ඉඩම්, ගොවිබිම්, කර්මාන්ත ශාලා ටික රජයට ගන්නවා. මිනිස්සුන්ට පෞද්ගලිකව දේපොළ අයිති කරගන්න බැහැ. ඔක්කොම රජයට පවරාගෙන, ඊට පස්සේ දැන් ඔක්කොම සමානයි කියලා කියයි. මේකද කරගන්න ඕනේ? මේ පැසිස්ට්වාදි, මාක්ස්වාදි රතුපාට බලවේගය ආගම් විරෝධි බලවේගයක්. මේ අය ආගමික සිද්ධස්ථාන ටික ආණ්ඩුවට ගන්න යනවා. ආගම් ටිකත් පුළුවන් නම් රජයට ගනී. ඒ අයගේ ගාල්ලේ ලොක්කෙක් කියනවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ නිකම්ම නිකම් ගහක්ලු. මේක මේ රටේ බෞද්ධයන් පිළිගන්නවාද? මේක විශාල අපහාසයක්, මහා නින්දාවක් වෙනවා. මේ රටේ සියලු ආගම්වල අයට ඕනෑම ආගමක් අදහන්න නිදහස තිබෙනවා. ඒ නිසා මේ අය කැමැති නැහැ අප ආගමික සිද්ධස්ථාන හදනවාට. පන්සල්, පල්ලි, දේවස්ථාන හදනවට ඒ අය කැමති නැහැ. මේ අය ගැන ජනතාව හොඳින් සිතා බැලිය යුතු වෙනවා. මේ අය දැන් වේදිකාවේ කිය කිය යනවා උනුත් එකයි මුණුත් එකයි කියලා. ඒත් මේ අය කියන්න ඕනේ 88- 89 රට කාපු අපිත් එකයි කියලයි. මේ රටේ වැඩක් කරන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions