Home » රට සුබවාදී දිශාවකට – හරින් ප්‍රනාන්දු

රට සුබවාදී දිශාවකට – හරින් ප්‍රනාන්දු

by Nirodha Gamage

විපක්ෂයේ ඇතැම් දේශපාලන නායකයන් සහ මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දුන් ණය තමන්ගේ ආණ්ඩුවක් යටතේ නොගෙවන බවට ප්‍රකාශ කරන බවත්, එයින් ජාත්‍යන්තරය තුළ රට හෑල්ලුවට ලක් වන බවත්, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“IMF ණය මුදල ලැබීමත් සමඟ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ යටතේ ජනතාවට සහන ලැබීමට අවම වශයෙන් මාස හයක හතක කාලයක් ගත වෙනවා. දේශපාලනඥයන්ගේ වැරදි තීරණ හේතුවෙන් විනාශ වූ රට රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය සහ දේශපාලන පළපුරුද්දෙන් මේ වන විට සුබවාදී දිසාවකට ගමන් කරමින් තිබෙනවා. ජනතාව පැත්තෙන් කල්පනා කර මේ වැඩපිළිවෙළට සහාය දීමට විපක්ෂයට තාමත් අවස්ථාව තිබෙනවා.”

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions