Home » රට රස්සා දෙන බව පවසා ලක්ෂ ගණන් මුදල් වංචා කළ මාලිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට

රට රස්සා දෙන බව පවසා ලක්ෂ ගණන් මුදල් වංචා කළ මාලිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට

by Nirodha Gamage

තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මඟහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඊයේ (9) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මඟහරිමින් සිටි මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අතර, ඔහු ඊයේ නීතිඥයකු මාර්ගයෙන් භාර විය.

තායිලන්තයේ සමාගමක රැකියා දෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයන් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබීමෙන් පසුව, කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මේ සමඟ ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයාත් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක කළ අතර, ඔහු දිගින් දිගටම විමර්ශන අංශ මඟහරිමින් සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (10) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions