Home » රට බංකොලොත් කලේ සජිතුයි අනුරයි – එරන්ද ගිනිගේ

රට බංකොලොත් කලේ සජිතුයි අනුරයි – එරන්ද ගිනිගේ

by Plus One

“රට බංකොලොත් කීවේ කවුද?” මෙහෙම අහන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්තයා. පාර්ලිමේන්තුව ඉදිරියේ ඔහු ඊයේ (2023 ජනවාරි 10) ප්‍රකාශ කළා “රට බංකොලොත්” ය කියා තමා කිසිදු අවස්ථාවක කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් “බංකොලොත්” යන වචනය භාවිතා කිරීම වැරදි බවත්. එතකොට ඇත්ත මොකක්ද?

“රට බංකොලොත්” කියන්නේ සජබ සහ ජවිපෙ විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ව්‍යාජ දේශපාලන ප්‍රොපගැන්ඩාවක්. ඒක පටන් ගත්තේ කොරෝනා වසංගතය මැද්දේ. ඔවුන් දැක්කා වසංගතය යොදාගෙන ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියලා. රටට විදේශ විනිමය එන ප්‍රධාන මාර්ග වන සංචාරක කර්මාන්තය වසංගතය නිසා සම්පූර්ණයෙන් නැවතුණා. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වීම නිසා ප්‍රේෂණ අඩු වුණා. එවන අයට බැංකු හරහා එවන්න එපා කියලා ජවිපෙ කැම්පේන් එකක් කළා. කොටි ඩයස්පෝරාව උණ්ඩියල් කරනවට විශාල මුදලක් අතින් ගෙවලා රටට එන ආදායම නැවැත්තුවා. වසංගතය තුළ ඉතා අමාරුවෙන් ආරක්ෂා කරගත් අපනයන කර්මාන්තයේ ආදායම විතරයි තිබුණේ. ඒකෙත් මුළු මුදල ලංකාවට ගෙනාවේ නැහැ ඒ මහාපරිමාණ අපනයනකරුවන්.

නමුත් ආණ්ඩුව මේවාට හැකි උපරිම පිළියම් යෙදුවා. බැසිල් ගිහිල්ලා ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් කෙටි කාලීන ආධාර ගත්තා. කොරෝනා ඉවර වේගෙන එනකොට නැවත සංචාරක කර්මාන්තය පටන් ගත්තා. ජනවාරි-මාර්තු දක්වා සංචාරක ආදායම නැංගා. තමන්ගේ “රට බංකොලොත්” කරන කුරිරු ව්‍යාපෘතිය අඩාල වෙන බව දුටු දේශද්‍රෝහී අනුර කුමාර “ජනතාවට පාරට එන්න” කියලා කුපිත කළා. සජබ ඉත්තො ගෑස් ටැංකි පුපුරවලා ගෑස් අර්බුදය කෘත්‍රිම ඇති කළා. තෙල් තියෙන්නේ දවස් තුනකට විතරයි කියලා අමන ගම්මන්පිල-විමල් කෘත්‍රිමව තෙල් අර්බුදය නිර්මාණය කළා.

සංචාරකයන් එන එක නවත්වන්න රට තුළ භීෂණයක් කෘත්‍රිමව නිර්මාණය කළා. මාර්තු මාසේ ජනපතිගේ පුද්ගලික නිවසට සහ තවත් රටේ දේශපාලකයන්ගේ නිවෙස් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර එල්ල කළා. ඒවා CNN, BBC, අල් ජසීරාවල ලොකුවට ලෝකයට පෙන්නුවා. ආරක්ෂක අංශවල අණ දෙන නිලධාරීන් නිසි පියවර ගත්තේ නැහැ. ඔවුන් ඇමරිකන් ඩොලර්වලට විකිණුනා. සංචාරකයන් බය වෙලා ලංකාවට එන්න ගත්ත ටිකට් අවලංගු කළා. නැවතත් විදේශ විනිමය ආදායම ඒ ආකාරයට නැවැත්තුවා.

බෙදුම්වාදී කොටින්ගේ කළු සල්ලි ගෝල්ෆේස් එකට ගලාගෙන ආවා. ඉස්ලාම් අන්තවාදීන්ගේ ලේ සල්ලිවලින් බුරියානි බෙදුවා. රැට්ටා, ඩිලාන්, කෝනාර, ලෝචි වැනි නූගත් අවර හිස් යූටියුබ්කාරයන්ව අරගල කරන්න කුලියට ගත්තා. හෙළුකුරු අයිතිකාරයා විනාඩියෙන් විනාඩියට ජනතාව කුපිත කරවන නිව්ස් එසැණ එව්වා. රසික ජයකොඩි ටික්ටොක් එකේ “රට බංකොලොත්… රට බංකොලොත්” කියලා වැළලුනා. දෙරණෙ නයා, ආර්ථික විද්‍යාව ගැන නිසි අධ්‍යාපනයක් නැති මෝඩ ආර්චික ඔස්තාර් ධනාව ගෙනල්ලා ජනතාව ගොනාට ඇන්දුවා. IMF ඉදිරියේ ලංකාවේ ස්වෛරීත්වය දණගස්වන්න වැඩ බැරි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ යක්ෂාවේශයෙන් කෑ ගැහුවා. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා නිර්මාල් දේවසිරි ත්‍රස්තවාදය වැපිරුවා.

මැයි 9 වැනිදා ඉඳලා ජූලි 9 වැනිදා වෙනකල් මුළු රටම සාහසික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වුණා. පිරපාට කරන්න බැරි වුණු දේ අනුර කුමාර කළා. ඒ අරාජිකත්වය ඔවුන් තළුමරමින් ලෝකයට පෙන්නුවා. ජනපති ගෝඨාභය ප්‍රමාද වුණා. ඔහු දැඩිව විශ්වාස කළ ආතල් සවේ ගෝඨාභයගේ පිටට තුවක්කුව තිබ්බා. ගෝඨාභය ඉල්ලා අස් වුණා. “හුරේ! හුරේ! හුරේ! රට බංකොලොත්” කියලා දෙදහෙන් පස්සේ උපන් පරම්පරාව උඩ පැන්නා. එහෙම මිසක් ඇත්තටම රට බංකොලොත් වුණේ නැති බව ඇත්තක්. ඒක අපි එදත් ඉතාම තාර්කිකව කරුණු සහිතව ජනතාවට පෙන්නුවා. එදා ඇහුවේ නැහැ. නමුත් අද සත්‍යය එළි වී තිබෙනවා. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2023 ජනවාරි 11

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions