Home » රටෙ සල්ලි පිටට දෙන තවත් කැකිල්ලේ තීන්දුවක්

රටෙ සල්ලි පිටට දෙන තවත් කැකිල්ලේ තීන්දුවක්

by Plus One

ශ්‍රී ලංකා රජය හිතුමාතේට ගත් තීන්දුවක් නිසා රුපියල් කෝටි 597ක් නාස්ති වී ඇති බව හෙළි වී තිබේ. මෙම හෙළිදරව් වූ සිදුවූයේ මෙම LRT ව්‍යාපෘති සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණනයක දීය.

ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේන් (ජයිකා) මෙම ණය මුදල වසර 12 ක සහන කාලයක් සහිතව වසර 40 කදී ගෙවීමට සහ පොලී පදනමක් යටතේ ලබා දී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘති අවලංගු කිරීමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදු කර නැති බවද විගනන විගණන වාර්තාවේ සඳහන් වේ මෙම ව්‍යාපෘති අවලංගු කර තිබෙන 2020 වසරේ සැප්තැම්බර් 24 වනදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවයි.

මීට අමතරව, පූර්ව ද මෙම අවලංගු කිරීම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේෂක සමාගමක් විසින් රුපියල් කෝටි 500 දහසයක් ඉල්ලා ඇති බවද සඳහන් වේ.

පාලකයාගේ අමනෝණ්‍ය ක්‍රියාකාරකම් නිසා දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජනතාවගේ කර මතම මෙම වන්දිය ද පැටවෙනු ඇති බව, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විචාරකයින් දක්වා තිබිණි.

එසේම ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් සිදු වූ විශාලතම වංචාව වන මහ බැංකු බැඳුම් බැඳුම්කර වංචාව ද,
සීනි බදු වංචාව ද,
සුදුළූණු වංචාව ද සමඟින් එක්වූ LRT ව්‍යාපෘතියේ පාඩුව ද දැන් ජනතාවගේ කර මතය.

එසේම ජනතාවගේ කරමත පැටවු තවත් බරක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කාබනික පොහොර අවණඩුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානියට ප්‍රබල ලෙස බලපෑවේය.

කෙසේ වෙතත්, අතිශය දූෂිත වූ දේශපාලනඥන් නිසා වත්මන් ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව දිනෙන් දින ආර්ථික පරිහානියක උච්ඡතම අවස්ථාවට ළඟා වෙමින් පවතින බව සමාජ මාධ්‍ය තුළ අදහස් හුවමාරු කරගන්නා ආර්ථික විශේෂඥයන් විසින් ලිපි පළ කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions