Home » රටට විහිළුවක් වූ පොහොට්ටු රැළිය ගැන මෛත්‍රී කියයි

රටට විහිළුවක් වූ පොහොට්ටු රැළිය ගැන මෛත්‍රී කියයි

by Nipuna Fernando

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර පැවැත්වූ රැස්වීම “විහිළුවක්” බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද (ඔක්. 9) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වත අදහස් දක්වමිනි. එය “පොඩි ආර්ටිෆිෂල්” වැඩක් බව ද ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්වී සිටින ජනතාවට විහිළු සැපයීමක් බව ද ඒ මහතා කීය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණ ද එය කල්ගිය බැවින් ඉදිරියේදී එයට තව ත් සංශෝධන එකතු වීමේ හැකියාව ඇතැයි ද හිටපු ජනපතිවරයා මෙහිදී පැවසීය. ඔහු කියා සිටියේ, තමන්ගේ පාලන කාලයේ ගෙනා 19 වන ව්‍යවස්ථාවේ පවතින යම් යම් අඩුපාඩු මග හරවාගෙන එය සම්මත කරගත යුතු බව ය. මේ අවස්ථාවේ සියලු දෙනා රටක් ලෙස එකට එකතු වී ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුව තිබෙන බව සිරිසේන මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් ලබාගත් බව ත් තවත් එවැනි අය ඉන්නවා ද යන්න තමන් නොදන්නා බව ත් කී ඒ මහතා කෙසේ වුව ද ආණ්ඩුව මහජන යහපත පිණිස ගන්නා ක්‍රියාමාර්ගවලට සහය ලබා දෙන බව ද අවධාරණය කළේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වූයේ නම් ජත්‍යන්තර සහය විශාල ලෙස රටට ලබාගත හැකිව තිබූ බව ත් ආණ්ඩුවේ පිරිසක් ඊට අකමැති වූ නිසා එය සිදු නොවුණු බව ත් හිටපු ජනපතිවරයා පැවසීය. රජය රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ගන්නා ඕනෑ ම යහපත් තීරණයකට තම පක්ෂය සහය ලබා දෙන බව ද සිරිසේන මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.

උපුටනය :- මව්බිම

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions