Home » රජය කොමිසන් සභාවල ස්වාධීනතාව නැති කරා – පැෆරල්

රජය කොමිසන් සභාවල ස්වාධීනතාව නැති කරා – පැෆරල්

by Nirodha Gamage

ස්වාධීන කොමිෂන් සභාවලට ස්වාධීන නීතීඥවරුන් රඳවා තබා ගැනීම රජය විසින් වළක්වා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.”එමගින් ආණ්ඩුවේ අවශ්‍යතාවලට පටහැනිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම කොමිෂන් සභාවලට ඇති හැකියාව හීන වී යයි” ඔහු පැවසීය.

” මැතිවරණ කොමිසම දැන් නියෝජනය කරන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්. දැන් සියලුම කොමිෂන් සභාවලට නීතිපති දෙපාර්තමේන්තුව මත යැපීමට සිදුවේවි,” ඔහු පැවසීය.

“ප්‍රාදේශීය සභා මැතිවරණය මාස කිහිපයකින් කල් දැමුවහොත් මැතිවරණ නීති වෙනස් කර මැතිවරණය තවත් කල් දැමීමට රජය උත්සාහ කරනු ඇතැයි සිතිය හැකිය. එවැනි අවස්ථාවක දැනටමත් ඉදිරිපත් කර ඇති නාමයෝජනා ශුන්‍ය සහ බල රහිත වනු ඇත. රජය දැනටමත් සීමා නිර්ණය කොමිසමක් පත් කර ඇති අතර එය මැතිවරණ ප්‍රමාද කිරීමට ද යොදා ගත හැකිය. මැතිවරණ කොමිසමට අවශ්‍ය වන්නේ මැතිවරණයට රුපියල් බිලියන 1.1යි. ඇත්තටම ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම හේතුවක් නැහැ,” ඔහු පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions