Home » රජයේ රෝහල්වල කළු කොඩි තහනම්

රජයේ රෝහල්වල කළු කොඩි තහනම්

by Nirodha Gamage

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා.

චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශය පවසා ඇත්තේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ මානසික තත්ත්වයට බලපෑම් එල්ලවිය හැකි බවයි.

පවතින සමාජ ආර්ථික තත්ත්වය තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් වන බව නිරීක්ෂණය වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම පියවරට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව අඟහරුවාදා තීරණයක් ගන්නා බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions