Home » යුධ හමුදා බුද්ධි ප්‍රධානියා ජිනීවාහිදී අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වෙයි

යුධ හමුදා බුද්ධි ප්‍රධානියා ජිනීවාහිදී අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වෙයි

by Nirodha Gamage

යුද්ධයෙන් පසුවත් වව්නියා ජෝශප් හමුදා කඳවුරේ දමිළ සිරකරුවන්ට ලිංගික වධ හිංසා ඇතුළු ශාරීරික වධ හිංසා පැමිණ වූ බවට චෝදනා ලබා සිටින බුද්ධි ප්‍රධානි රුවන් කුලතුංග අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ සිරකරුවන්ට සිදුකළ වධ හිංසා ගැන ප්‍රශ්න කරන ලෙස ස්විස්ටර්ලන්තයේ ජිනීවා තානාපතිනි ටාර්ෂියා කැරන් කළ ඉල්ලීම එම සමුළු බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

රුවන් කුලතුංගට තානාපති මුක්තිය ඇති නිසා කැනඩා තානාපතිනියගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබේ.

රුවන් කුලතුංග ජිනීවා සමුළුවට සහභාගි වීමට පෙර ඔහු වව්නියා ජෝශප් හමුදා කඳවුරේ දමිළ සිරකරුවන්ට වධ හිංසා පැමිණ වූ බවට වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියක් වූ යස්මින් සුකා විසින් සමුළුව වෙත ගොනුකර තිබුණි.

මේ අතර ස්විස් කොටි ඩයස්පෝරාව ද යුද අපරාධ පිළිබඳ ස්විස් කාර්යාලයට ඊට අදාළ පැමිණිල්ලක් යොමුකර රුවන් කුලතුංග අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions