Home » යුක්‍රේන විදුලි බලාගාර වලින් 30% ක් විනාශයි

යුක්‍රේන විදුලි බලාගාර වලින් 30% ක් විනාශයි

by Nipuna Fernando

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පසුගිය දින අට තුළ තම රටේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වී ඇති බව ප්‍රකාශ කර සිටියි. එමෙන්ම යුක්‍රේනයේ දකුණුදිග Kherson නගරයේ තත්ත්වය දුෂ්කර බවත් නිවැසියන් ඉවත් කළ යුතු බවත් රුසියානු හමුදා අණදෙන නිලධාරියා සඳහන් කර තිබේ. රුසියානු හමුදාව සියල්ලටම වඩා ජනගහනය ආරක්ෂිතව ඉවත් කිරීම සහතික කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. Dnieper ගඟේ බටහිර ඉවුරේ ජිවත්වන මිනිසුන් වඩාත් අවදානමට ලක්ව ඇති බවද වාර්තා වන අතර පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානුවන් අතට පත් වූ පළමු විශාල නගරය Kherson වූ අතර යුක්‍රේන හමුදා පසුගිය සති කිහිපය පුරාවට Kherson වලට ආසන්න ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් යළි අත්පත් කර ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රෙම්ලිනය Kherson සහ තවත් යුක්‍රේන ප්‍රදේශ තුනක් රුසියාවේ කොටසක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. යුක්‍රේනයට එල්ල වී ඇති රොකට් ප්‍රහාරයෙන් Khersonහි පිහිටි Antonivsky පාලමට සහ Kakhovka ජලවිදුලි වේල්ලට හානි වී ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන අතර එමගින් අත්‍යාවශ්‍ය සේවා, ආහාර බෙදාහැරීම්, ජලය සහ විදුලිය සැපයීමේ ගැටළු මතු වී ඇති බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions