Home » යුක්රේන – රුසියා යුද්ධයට අවුරුද්දයි

යුක්රේන – රුසියා යුද්ධයට අවුරුද්දයි

by Nirodha Gamage

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මේ වන විට වසරක් ගෙවීගොස් තිබේ.

2022 පෙබරවාරි 24 දා රූපවාහිනියේ විකාශය කෙරුණු කතාවක් හරහා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කරන බවට නිවේදනය කළේ ය. යුක්රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාදවූ අතර යුක්රේනයේ ජනපති සෙලෙන්ස්කි මෙසේ කියා සිටියේය. අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිතය, අපේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදිනවා යනුවෙනි.

රුසියාව 2014 දී ක්‍රිමියාව එරටට ඈඳාගත්තේය. 2022 ආක්‍රමණය ඇරඹීමට පෙර, යුක්රේනයේ නැගෙනහිර පෙදෙසේ ඩොන්බාස් කලාපයේ සැලකිය යුතු ප්‍රදේශයක පාලනය තිබුණේ රුසියානු සහය ලැබුණු බෙදුම්වාදීන් යටතේ ය. ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව නමින් ස්වාධීනත්වය ප්‍රකාශ කළ කළාප 02 ක රුසියාව පිළිගන්නා බවට 2022 පෙබරවාරි 21 දා ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ ය.

2022 වසරේ යුද්ධය මුල දී රුසියාව සිය හමුදා කියෙව් වෙත මෙහෙයවූ සමයේ යුක්රේනයේ විශාල භූමි ප්‍රදේශයක් අයත්කර සිටි අතර, තවමත් නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල සැලකිය යුතු ප්‍රදේශයක් අල්ලාගෙන සිටියි.

යුක්රේන අගනුවර දෙසට ගමන් කිරීමට රුසියානු හමුදා ගත් උත්සාහය අසාර්ථක විය. ඉන්පසු ඔවුන් අවධානය යොමුකළේ ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ඇතුළු ක්‍රිමියාවට ආසන්න ප්‍රදේශ සම්බන්ධ කෙරෙන නව කලාපයක් නිර්මාණය කිරිමටය.

මැයි මාසයේ දී, මරියුපොල්හි අත්පත් කරගැනීමෙන් පසු යුද්ධයේ ප්‍රධාන ජයග්‍රහණ බොහොමයක් යුක්රේනය සතු විය.

සැප්තැම්බරයේ ඊසානදිග කාර්කිව් කලාපයේ ප්‍රදේශයන් රැසක් යුක්රේන හමුදා යළි අත්පත්කර ගත් අතර, පසුව ලිමාන් නගරය ද, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කලාපයේ අනෙකුත් ප්‍රදේශයන් ද නැවත අත්පත්කර ගත්හ.


යුක්රේනයේ නගර සහ බලාගාරවලට එරෙහි කෲස් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කරමින් රුසියාව මේ සඳහා ප්‍රතිචාර දක්වන අතර ඔක්තෝබරයේ දී ක්‍රිමියාව රුසියාවට සම්බන්ධ කරන ප්‍රධාන පාලමකට යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයත් සමග ප්‍රහාර දැඩි විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට අනුව, 2023 පෙබරවාරි 13 දා වන විට යුක්රේනයේ සිවිල් වැසියන්ගේ 7199ක් මියගොස් ඇති අතර තුවාල ලැබූවන් 11756ක් වාර්තා වී තිබේ.

බොහෝ වාර්තාවන් ද තවමත් තහවුරුකර නොමැති බැවින් සැබෑ සංඛ්‍යාවන් සැලකිය යුතු ලෙස වැඩිවනු ඇතැ යි විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේය.

රුසියානු ආක්‍රමණයෙන් පසු, යුක්රේන වැසියන්ගෙන් මිලියන 7.7ක් එනම් යුක්රේනයේ සමස්ත ජනගහනයෙන් 1/6 ක් පමණ සරණාගතයින් ලෙස රුසියාව ද ඇතුළුව යුරෝපය පුරා විවිධ රටවලට සංක්‍රමණය වී තිබේ. එසේම තවත් මිලියන හතකට ආසන්න ජනගහණයක් යුක්රේනය තුළ අවතැන්ව සිටිති.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions