Home » යුක්‍රේනුවන් බියෙන් සලිත කරන ඩ්‍රෝන් ප්‍රහාර…

යුක්‍රේනුවන් බියෙන් සලිත කරන ඩ්‍රෝන් ප්‍රහාර…

by Nipuna Fernando

රුසියාව විසින් මුළු රාත්‍රිය පුරා මෙන්ම උදෑසන කාලයේත් යුක්‍රේනය හරහා ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් බිය ගැන්වීමට උත්සාහ කරන බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කරයි. කියෙව් නගරයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තුවාල ලබා ඇති බව නගරයේ නගරාධිපති පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කියෙව් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුවීමෙන් පසු ජනතාව ගලවා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවද වාර්තා වේ. ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මෙම ප්‍රහාර සඳහා භාවිතා කරන බවට ජනාධිපති සෙලෙන්ස්කි මීට පෙර රුසියාවට චෝදනා කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියාව ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් නොමැත. කෙසේවෙතත් ඔක්තෝබර්16 රාත්‍රියේ සහ ෛඊයේ (17) උදෑසන ඩ්‍රෝන යානා 40කට ආසන්න ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙලූ බව යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions