රුසියාව දැනටමත් උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි කණ්ඩායමක් බෙලරුසියාවේ ස්ථානගත කර ඇති බව ව්ලැඩිමීර් පුටින් පවසයි.
රුසියානු ජනාධිපතිවරයා සංසදයකට එක්වෙමින් පැවසුවේ රුසියාවේ භූමියට හෝ රාජ්‍යයට තර්ජනයක් සිදුවුවහොත් පමණක් ඒවා භාවිතා කරන බවයි.
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙම්ලිනය න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු ඇඟවීමක් නොමැති බව එක්සත් ජනපද රජය පවසයි.
“රුසියාව න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට සූදානම් වන බවට කිසිදු ඇඟවීමක් අපට නොපෙනේ,” එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පුටින්ගේ ප්‍රකාශයෙන් පසුව පැවසීය.