Home » යුක්රේනයට දැඩි ගුවන් ප්‍රහාර

යුක්රේනයට දැඩි ගුවන් ප්‍රහාර

by Nirodha Gamage

රුසියාව යුක්රේනයේ Odesa සහ Zhytomyr හි ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කර ඇත.

Kharkiv සහ Odesa හි නේවාසික ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇත.

නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරය සඳහා කටුක භූමි සටන් අඛන්ඩව පවතින අතර මෙම ප්‍රහාර එල්ල විය.

එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රධානියෙකු පවසන්නේ යුද්ධය වසර ගණනාවක් ඇදී යා හැකි බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආක්‍රමණය දියත් කළේ මීට වසරකට පමණ පෙරය. එතැන් සිට සටන්කරුවන් සහ සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති අතර මිලියන ගණනක් යුක්රේනියානුවන් සරණාගතයින් බවට පත් විය.

ඔඩේසා වරාය නගරයේ බලශක්ති මධ්‍යස්ථානයකට මහා මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර එය විදුලිය විසන්ධි කිරීමට හේතු වූ බව එහි ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පැවසීය. නේවාසික ප්‍රදේශවලට ද හානි සිදුව ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions