Home » යාල කළු කොටි පැටියා මරන්න ජාන මංකොල්ලකරුවන්ගෙන් ජාත්‍යන්තර මෙහෙයුමක්

යාල කළු කොටි පැටියා මරන්න ජාන මංකොල්ලකරුවන්ගෙන් ජාත්‍යන්තර මෙහෙයුමක්

by Nirodha Gamage

යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ චර්යාවන් නිදහස් අයුරින් පැවැත්වීමට විශාල බාධාවක් වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් යාල ජාතික උද්‍යානයේ සංචාරය කිරීමේදි අහඹු ලෙස කොටි පැටියා දැක ගැනීමට කටයුතු කිරිම මිස ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීමෙන් වලකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

අහඹු ලෙස මුණ ගැසුණු මෙම කොටි පැටියා සංරක්ෂණය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොටියා ගැවසෙන ප්‍රදේශ වලට යම්යම් සීමාවන් පැණවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ජාන මංකොල්ලකරුවන්ගේ දැඩි අවදානය මෙම සත්ත්වය කෙරෙහි යොමු වී ඇති අතර ඒ හේතුවෙන් මෙම කළු කොටි පැටවාගේ ජීවිතය බරපතළ අවධානමකට ලක්ව තිබේ.

ජාත්‍යන්තර ජාන මංකොල්ලකරුවන්ගේ ජාලය අතිශය බිහිසුණු අපරාධකරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වන තර හදිසි අනතුරකින් හෝ සාමාන්‍ය මිනිසෙකුගේ අත්වැරදීමක් ලෙස සතුන් ඝාතනය කර ජාන මංකොල්ලය සිදු කිරීම ඔවුන්ගේ ක්‍රමවේදයයි එමනිසා යාල තුල සිටින මෙම කළු කොටි පැටවාගේ ජීවිතය බරපතල අවධානමකට හෙලීමට මෙම කොටි පැටවා පිළිබඳ හෙළිකළ කණ්ඩායම කටයුතු කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions