Home » යළි ඉහළ යන විදුලි බිල

යළි ඉහළ යන විදුලි බිල

by Plus One

ලබන වසරේ ජනවාරි සහ දුනි මාස වලදී පියවර දෙකක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය අතිරේක සාමාන්‍ය අධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

විදුලි කාෂ්ඨ පසුගිය කාලයේදී වැඩි කිරීමත් සිදු කළ ද එය විදුලිබල විදුලිබල මණ්ඩලය පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබාගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තුවේ දී 75% ක ගාස්තු වැඩිවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සබාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දීම සිදු කළා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions