Home » යළිත් සජිත් අලියාට

යළිත් සජිත් අලියාට

by Nirodha Gamage

පාර්ලිමේන්තුව තුල පිල්මාරු කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් වෙත රජයට සහාය දෙන මෙන් ආරාධනාවක් ලැබී ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධ යෝජනාවේදී මුලින් රජයේ නියෝජිතයන් සජබට දන්වා ඇත්තේ නැවතත් එජාපය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කළ යුතු බවටයි.

සජබ මන්ත්‍රීන් පිරිසක් ඊට සහාය දක්වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරනවා.

මේ අතර යළි එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමේ අරමුණින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයක් නිර්මාණය කිරීමට පක්ෂයේ ඉහළපෙලේ කණ්ඩායම් අතර රහස් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින බවටද තොරතුරු අනාවරණය වනවා.

ඒ අතර දැනට රජයට සහාය දක්වන පොහොට්ටු මන්ත්‍රීන් පිරිසක් රජයේ කැබිනට් තනතුරු අපේක්ෂාවෙන් සිටින බවත් එම තනතුරු ලැබීම දිගින් දිගටම ප්‍රමාද වන්නේ නම් තවදුරටත් රජයට සහාය දීම ගැන තීන්දුවක් ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් පොහොට්ටු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම මන්ත්‍රී පිරිස අවධාරණය කර තිබෙනවා

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions