Home » යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ගෝලීය දමිළ සංසදයෙන් උත්සහයක්,

යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ගෝලීය දමිළ සංසදයෙන් උත්සහයක්,

by Plus One

කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව ආදී විවිධ රටවල පදිංචි වී සිටින ශ්‍රී ලාංකීය දමිළ ජනයා නියෝජනය කරමින් සැදුම්ලත් ගෝලීය දමිළ සංසදයේ නියෝජිතයින් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණ තිබිනි.

වසර 30ක් පුරාවට අප රට තුල පැවිති ‍යුධ ගැටුම් හේතුවෙන් හා අපේ රටේ අවස්තාවාදී දේශපාලකයන්ගේ ක්‍රියා කලාපයන් නිසා සිංහල දමිළ ප්‍රජාවන් තුල අනිසි ගැටුම් හා කෝලහල ඉතිහාසයේ කලු පැල්ලම් ඇති කලේය. නමුත් අද වන විට අප මුහුණදෙන ආර්ථික ගැටලු හා පීඩාවන් සිංහල දෙමළ ඇතුලු සියලු ජනතාවට පීඩා ගෙන දෙන වාතාවරණයක් තුල බෙදී වෙන් වී කටයුතු කරනවා වෙනුවට විවිධත්වයට ගරු කරමින් එකිනෙකා කෙරේ විස්වාසය වර්ධනය කරගනිමින් යහපත් හෙට දවසක් නිර්මාණය කර ගත යුතුව ඇත.

අන්තර් ආගමික සමගිය වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් තුල සහජීවනය වර්ධනය කිරීමටත් අරමුණු කරගනිමින් ගෝලීය දමිළ සංසදය හා ජේෂ්ඨ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් එක්ව නිර්මාණය කොට ඇති “හිමාලයා ප්‍රකාශය” විවිධ දෙශපාලන නායකයන් හා ආගමික නායකයන් වෙත ලබා දී තම අරමුණ පැහැදිලි කිරීමට පසුගිය දිනවල මෙරටට පැමිණි ගෝලීය දමිළ සංසදයේ නියෝජිත කණ්ඩායම හා කලුපහනේ පියරතන ස්වාමීන් වහන්සේ ඇතුලු අනිකුත් ස්වාමීන් වහන්සේලා කටයුතු කොට ඇත.

ඒ අනුව මෙම පිරිස සාර්ථක ලෙස ආගමික නායකයන්, දේශපාලන නායකයන් හා සිවිල් ක්‍රියාකාරීන් හමුවී අදහස් හුවමාරු කරගත් බවත් තම උත්සහය සාර්ථක කර ගත් බවත් ගෝලීය දමිළ සංසදය නිවේදනය කරයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions