Home » යමපල්ලන් සිටින පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන හෙළිදරව්ව

යමපල්ලන් සිටින පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන හෙළිදරව්ව

by Plus One

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි හා පැවිදි නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට දැඩි අමනුෂික නවක වදයක් ලබා දෙන බව එහි ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් මාධ්‍ය හෙළි කර තිබුණා. ඒත් සමඟින්ම මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහට ලක් වුවා.

බෞද්ධ දර්ශනය ගැන ඉගෙනීමට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට, එය සරසවියක් නොව අපායක් යැයි හැඟෙන මට්ටමටම මේ ඡේෂ්ඨ උත්තමයන් යැයි කියා ගන්නා ගිහි හා පැවදි අමනුෂයින් පිරිසක් කටයුතු කරමින් සිටියි.

පැවදි නවක ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාව නිරුවත් කර මත්ද්‍රව්‍ය භාවිතයට බළපෑම් කරන අතර එසේ නොකර ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට නිරුවතින් සිටිය දී යමපල්ලන් නම් වූ ඡේෂ්ඨ පැවදි උත්තමයන් ලඟට පමුණුවා සිහිසුන් වනතාක් පහරදීම් සිදු කරන බව එම හෙළි දරව්වේ වැඩි දුරටත් සඳහන් වුණා.

එසේම අවට ගෙවල් වල සිටින දරුවන්ට පාඩම් කිරීමට පවා නොහැකි වෙන ලෙස, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තුළ රාත්‍රී සමාජ ශාලාවක මෙන් ගීත දමා බජවි දැමීම සම්බන්ධයෙන් අවට ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි කර අවස්ථාවේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

එසේම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අපර ශාලාවේ වැඩ වැඩ කරන සේවකයෙකු සඳහන් කර ඇත්තේ, මේ සිදුවන සිදුවීම් දුටුවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නොහැකි බවත් එසේ සිදුකළ හොත් මෙය අමනයින් වැනි වූ පිස්සන් විසින් තමා ඝාතනය කරාවියැයි ලෙසය.

එසේම මෙහිදී තවත් නවක වදයක් ලෙස, සරසවිය තුළ වලවල් හාරා ඒ වළවල්වලට ඉඳුල් හා වතුර දා පල් කර ඡේෂ්ඨ උත්තමයන්ගේ අණ නොපිළිපදින නවක ශිෂ්‍යයන්ව හා නවක ශිෂ්‍ය භික්ෂූන්ව එම වලවල් වලට දමා ටික වේලාවකින් ගොඩට ගන්නා බවත්, නෑමට තහනම් වන බවත්, වැසිකිළි ගිය පසු පශ්චාත් භාගය පවා සේදීමට ඡේෂ්ඨ උත්තමයන්ගෙන් අවසර ගත යුතු බවත් එම හෙළිදරව්වේ වැඩි දුරටක් සඳහන් විය.

කෙසේ වෙතත් මෙවැනි විශ්ව විද්‍යාල පද්ධතියක් තුළට ශිෂ්‍ය භික්ෂූන් හා ශිෂ්‍යයන් තවදුරටත් අතුලත් කිරීම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ට හා දෙමව්පියන්ට දෙවරක් සිතීමට සිදුවනවා නියතයි.

විශ්ව විද්‍යාල වලට රිංගු වාමාංශික දේශපාලන පක්ෂ මෙවැනි අමනෝඥ ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් විශ්වවිද්‍යාල පද්ධතියම අපකීර්තියට හා පරිහානියට ලක් වන බව සමාජ මාධ්‍ය ජාලා තුළ ලිපි පළ වී ඇති ආකාරය අපට වැඩිදුරටත් දක්නට ලැබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික වූ මෙම විශ්ව විශ්වවිද්‍යාල නවක වදය මෙහෙයවන මානසික රෝගීන් හට නිසි දඩුවම් ලබා දිය යුතු බව ද සමාජයේ මේ වන විට කතා බහට ලක් වෙමින් පවතී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions