Home » මේ වසරේ විරෝධතා නිසා පෞද්ගලික බස් වලට මිලියන 500 ක පාඩුවක්

මේ වසරේ විරෝධතා නිසා පෞද්ගලික බස් වලට මිලියන 500 ක පාඩුවක්

by Nirodha Gamage

මේ වසරේ ජනවාරි මාසයේ සිට  බස්නාහිර පළාතේ පැවති විරෝධතා හේතුවෙන් පෞද්ගලික බස් රථවලට රුපියල් මිලියන 500 ක පාඩුවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  පවසයි.

විරෝධතා හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිව මාර්ගයේ විශාල ඉන්ධන ප්‍රමාණයක් අපතේ යන බව ඔහු පැවසීය.

“ඉන්ධන අපතේ යෑමත් සමඟම දිනකට සමස්ත පාඩුව රුපියල් මිලියන 10කට ආසන්නයි.” ඔහු පැවසීය.

අනෙකුත් පළාත් හා සසඳන විට බස්නාහිර පළාත විශාල පාඩුවක් ලැබූ බව ඔහු පැවසීය.

“රජයේ සේවකයන් සෑම මසකම අවසානයේ වැටුප් ලබමින් විරෝධතා පවත්වයි. නමුත් අපට ජීවත්වීමට අවශ්‍ය ආදායමක් ලැබිය යුතුව ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයයටතේ ධාවනය වන බස් රථවල කිසිදු ප්‍රශ්නයක් නැත. ” ඔහු කියා සිටියේය.

“ඒ නිසා අපි මේ පිළිබඳව මීට පෙර පොලිසියට දන්වා සිටියේ උද්ඝෝෂණවලදී රථවාහන තදබදය අවම කරන ලෙස හෝ වාහන ගමනාගමනයට බාධාවක් නොවන පරිදි විරෝධතාකරුවන්ට විරෝධතාවයේ නිරත වීමට ඉඩ සලසන ලෙස යි”ගැමුණු විජේරත්න  පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions