Home » මුහුදු යන්න ධීවරයින්ට භූමි තෙල් – රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

මුහුදු යන්න ධීවරයින්ට භූමි තෙල් – රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

by Plus One

ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදීත් සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

මේ වනවිටත් කිසිඳු හිඟයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ධීවර ජනතාව රැඳී සිටින ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය භූමිතෙල් තොග මේ වනවිට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනතාව පවසන්නේ තමන්ට අවශ්‍ය භූමි තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් ලෙස නොලැබෙන බවත් දේශපාලනඥයින් විසින් දිගින් දිගටම තම ධීවර ප්‍රජාව මුලා කරන බවත්ය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions