පළාත් පාලන මැතිවරණයට අදාළ මුදල් ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් කැඳවනු ලැබූ සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහභාගී වී නොමැති බව වාර්තා වෙනවා, ඒ මැතිවරණ කොමිසම විසින් අද පැවැත්වෙන රැස්වීම අතිශය තීරණාත්මක බව දැනුම් දී තිබියදී. එලෙසම අධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් මුදාහරින ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබියදී. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට නොපැමිණියේ අද පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම නිසා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.