Home » මීළඟ සඳ ගමනේ ඇඳුම

මීළඟ සඳ ගමනේ ඇඳුම

by Nirodha Gamage

මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් මෙහෙයුමේදී ගගනගාමීන් අඳිනු ලබන නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පසුගියදා නසා ආයතනය විසින් එළිදැක්වුණි.

මෙම ඇඳුම කළුපැහැයෙන් යුක්ත,. එසේම එහි තැඹිලි සහ නිල් පැහැයද තිබේ. එසේම ගගනගාමීන්ගේ සිරුරට වඩාත් සරිලන, නම්‍යශීලී ආකාරයෙන් නිපදවා ඇත.

මෙම ඇඳුම Axiom Extravehicular Mobility Unit හෙවත් AzEMU ලෙස නම් කර තිබේ. තවමත් මූලාකෘතියක් ලෙස ඉදිරිපත්ව ඇති මෙම නවතම අභ්‍යවකාශ ඇදුම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සහ වැඩිදියුණු කිරීම් සිදුකළ යුතුව ඇතැයි නාසා ආයතනය පවසයි. නාසා ආයතනය මෙම නවතම අභ්‍යවකාශ ඇඳුම නිර්මාණයේදී සුප්‍රසිද්ධ ඇදුම් මෝස්තර නිර්මාණශිල්පියෙකු වන ඊස්ටර් මාර්කියුස්ගේ සහායද ලබාගෙන තිබේ.

මෙම ඇදුම හූස්ටන්හි පිහිටි Axiom Space සමාගම එය නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා නාසා ආයතනය මගින් එම සමාගමට පිරිනැමූ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇ.ඩො.මිලියන 228.5කි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions