Home » මිහිකතගේ කෝපයෙන් ලෝදිය ගලයි

මිහිකතගේ කෝපයෙන් ලෝදිය ගලයි

by Plus One

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි Mauna Loa වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි කන්ද පිහිටි ප්‍රදේශය අවට සිටි ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළු වැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

ගිනි කන්දේ ස්වභාවය ක්ෂණිකව වෙනස්විය හැකි බවත්, ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ මට්ටම “උපදේශන” සිට “අනතුරු ඇඟවීමක්” දක්වා ඉහළ දමා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය සඳහන් කරන්නේ.

මෙම ගිනි කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 (මීටර් 4,169) ඉහළට නැඟී ඇති අතර වර්ග සැතපුම් 2,000 (වර්ග කිලෝමීටර් 5,179) කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිඳී පවතින බවයි සඳහන් වන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions