Home » මිනිස්සු පවුලත් එක්කම විදවන්නෙ නිර්දෝෂී ගෝඨාභයට කල මහා පාපකර්මයෙන් – එරන්ද ගිනිගෙ

මිනිස්සු පවුලත් එක්කම විදවන්නෙ නිර්දෝෂී ගෝඨාභයට කල මහා පාපකර්මයෙන් – එරන්ද ගිනිගෙ

by Plus One

දැන් ජීවන වියදම දරාගන්නම බැහැ නේද? පවුලත් එක්ක විඳවනවා නේද? කරකියා ගන්න දෙයක් නැහැ නේද? ඒ තමයි මේ රටේ මිනිස්සු එකතු වෙලා සිදු කළ මහා පාපකර්මයට ගෙවන කර්ම විපාකය. නිර්දෝෂී මනුෂ්‍යයෙකුට බොරු චෝදනා කරලා, අහස නුහුළන නින්දා කරලා, පොළොව නුහුළන අපහාස කරලා, සිදු කළ ඒ මහා පාප කර්මයට ඔබ ගෙවන විපාකය තමයි මේ.

වසවිස නැතුව හාල් එළවලු ටික හදන්න ඒ මනුස්සයා අවංක උත්සාහයක් ගත්තම, මේ රටේ අමන අධම ගොවියො ටික එකතු වෙලා ඒ මනුස්සයට ගෙදර පලයන් කීවා. දැන් ඔබලාට හාල් සේරුවක් ගන්න සල්ලි නැහැ. ඒක තමයි විපාකය.

“ආර්ථිකේ පස්සේ හදමු, අනේ අපේ ජීවිත බේරලා දෙන්න,” කියලා එදා වසංගතය වෙලාවේ කන්නලව් කරපු මිනිස්සු එන්නත් ගහගෙන ගෝල්ෆේස් ගියා ඒ මනුස්සයව එලවන්න. දැන් තමන්ගේ අම්මට තාත්තට බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. ඒක තමයි විපාකය.

බෞද්ධ උරුමයන් ආරක්ෂා කර දුන්නු නායකයට විරුද්ධව මහනායකලා ලියුම් අත්සන් කළා. දැන් අවලෝකිලාගෙන් සාසනය බේරගන්න ලියුම් කඩදාසි ලියනවා. ඒක තමයි විපාකය.

ඩොලර්වලට විකිණුනු නළු නිළියන්ගේ මුසා බස් අහලා අරගල කරපු අමන තරුණ තරුණියන් දැන් ඒ නළු නිළියන්ම පාටි දාන හැටි බලලා හූල්ලනවා. ඒක තමයි විපාකය.

ප්‍රජාතාන්ත්‍රික නිදහස තහවුරු කළ මිනිහව රටෙන් එලෙව්වා. දැන් අරගල තියා පෙළපාලියක්වත් යාගන්න බැරුව අන්තරේ කොල්ලො කෙල්ලො බයේ ඇඳන් යට. ඒක තමයි විපාකය.

මේ හැම දෙයක්ම ඉතාම තාර්කිකයි. විද්‍යාත්මකයි. හේතු-ඵල සම්බන්ධයි. ඔබලාට දැන් මේ කර්ම විපාකයට මුහුණ දෙන්නම වෙනවා. විපාකය ගෙවලා මිසක් ගැලවීමක් නැහැ. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගෙ

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions