Home » මිතුදම් අලුත් කරමින් කටුනායකට ආ දඩුමොණරය!

මිතුදම් අලුත් කරමින් කටුනායකට ආ දඩුමොණරය!

by Nipuna Fernando

‘Aeroflot’ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් රුසියාවේ මොස්කව් සිට Aeroflot ගුවන් යානයක් කටුනායකට ළඟා වී තිබේ. පසුගිය ජූනි මාසයේදී සංචාරකයින් ඇතුළු මගීන් පිරිසක් සමග කටුනායක සිට රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් A 330 ගුවන් යානය අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කරන ලදි. එයට හේතුව අයර්ලන්ත රක්‍ෂණ සමාගමකට රක්‍ෂණ වාරික නොගෙවීමේ සිද්ධියක් හේතුකොටගෙන කොළඹ වාණිජ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. එම හේතුව මත ‘Aeroflot’ ගුවන් ගමන් ජූනි මාසයේ සිටම මෙරටට පැමිණීම අත්හිටුවා තිබුන අතර නැවත එම සබඳතා අලුත් කරගනිමින් මෙසේ කටුනායක වෙත ලඟා වී තිබේ. මෙම අවස්ථාවට අමාත්‍යය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක් විය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions