Home » මැයි 09 බුද්ධි අංශ රාජකාරි පැහැර හැරියා අධිකරණයට පෙත්සමක්

මැයි 09 බුද්ධි අංශ රාජකාරි පැහැර හැරියා අධිකරණයට පෙත්සමක්

by Nirodha Gamage

ඉකුත් මැයි 09 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගල භූමියේ ඇති වූ ගැටුම්වලින් අනතුරුව දිවයින පුරා ඇමතිවරුන්ගේ නිවාසවලට ගිනිතැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය අද කල් ලබාදුන්නේය.

ඒ මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඇතුළු විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 22 වනදා ගොනුකරන ලෙස වගඋත්තරකාර ආරක්ෂක ලේකම්, එවකට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පති ඇතුළු පිරිසට එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේය.

බන්දුල ගුණවර්ධන සහ කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු දේශපාලකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගීන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව මගින් යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශවල රාජකාරි පැහැරහැරීම් නිසා මෙම තත්ත්වය උද්ගතවූ බවත් ය .

එමනිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions