Home » මැයි 09 ගිණි තිබීමෙ සිද්ධියට විශ්ව විද්‍යාල ආචාර්යවරු හවුල් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මැයි 09 ගිණි තිබීමෙ සිද්ධියට විශ්ව විද්‍යාල ආචාර්යවරු හවුල් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

by Plus One

පසුගියදා පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ, මැයි නව වැනිදා සහ ගිනි තැබීමේ සිද්ධි වලට විශ්වවිද්‍යාල මහාචාර්ය හා ආචාර්යවරුන් උපදෙස් දුන් බවත්, එම තත්ත්වය මත දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සුළු දේටත් එවැනි ප්‍රචණ්ඩකාරී සිදුකරන බවත්ය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයාට පක්ෂ විපක්ෂ සියළු දෙනා දැඩි ලෙස විවේචනය කරන අතර එම තත්වයට වග කිව යුත්තේ ද විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

කෙසේ වෙතත් හිටපු උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions