Home » මැද මුලන රත් කරන රාජිතගේ වෙඩි මුරය

මැද මුලන රත් කරන රාජිතගේ වෙඩි මුරය

by Plus One

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අලුත් වැඩකට අතගහලා කියලා මේ දිනවල දේශපාලන ක්ශේස්ත්‍රයේ කතා වෙනවා. ඒ ගාලුමුවදොර අරගලකරුවන් පිරිසකුත් එක්ක. අපට ලැබුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මාස කිහිපයක ඉදන් ගම් මට්ටමෙන් මේ පිරිස සංවිධාන කටයුතු කරලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය විදියට තමා මේ අරගලකරුවන් තමන්ව හදුන ගන්නෙ. හැබැයි මේ ව්‍යාපාරය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න නායකත්වය ලබා දෙන ව්‍යාපාරයක්. ඔහු 2015 මැතිවරණයට ප්‍රජාව කියන නමින් භාවිතා කලේ මේ ව්‍යාපාරයයි.

නමුත් දිගු කලක් නිහඩව සිටි හිටපු පාර්ලිමේන්තු චතුර සේනාරත්න මහතා වගේම ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීන් වූ ධානීෂ් අලී, සේනාධීර ඇතුලු ප්‍රජාව පිරිස තම මංගල රැලිය පැවැත්වීමට හම්බන්තොට තෝරාගෙන තිබෙනවා.

2022 පසුගිය වසරේ රටේ ඇති වූ අරගලය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව රාජපක්ෂ පාලනය බවත් ඒ හේතුවෙන් තරුණ අරගලකරුවන් හට රාජපක්ෂවරුන් ගැන කේන්තියක් තිබෙන බවත් ඔබට ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑ.
මේ නිසාම අරගලකරුවන් වූ ධානීෂ්ලා ඇතුලු කණ්ඩායම එක්ක චතුර සේනාරත්න රාජපක්ෂ පවුලට රිද්දන්නම හිතාගෙන රාජපක්ෂවරුන්ගේ මහගෙදර වන හම්බන්තොට තෝරගෙනලු.

කෙසේ වෙතත් පහුගිය කාලෙ ඇමතිධූරයක් ගන්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හැසිරුනු විදියට මේ වැඩෙත් රාජපක්ෂලාට චුට්ටක් රිද්දලා ජනාධිපතිතුමාගෙන් ලකුණු ටිකක් දාගන්න වැඩක් වෙයිද කියලා අපිට බලාගන්න වෙන්නෙ අගෝස්තු 6 වෙනිදා සවස 2කට හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවෙ තියෙන උත්සවයෙන් පස්සෙ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions