Home » මැතිවරණය තියන්න “සංඝ ආඥාවක්”

මැතිවරණය තියන්න “සංඝ ආඥාවක්”

by Nirodha Gamage

දින නියමයක් නොමැතිව කල් දැමූ පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාවට පහසු දිනකදී පැවැත්වීමට රජයට බලකිරීම සඳහා “සංඝ ආඥාවක්” නිකුත් කරන ලෙස ජාතික භික්ෂු පෙරමුණ අද මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඔවුන් අද මහානායක හිමිවරුන් බැහැදැක කරුණු හතරකින් යුත් ලිපියක් භාරදුන් බවයි.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ඒකාධිපති ක්‍රියා කලාපය සහ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීම සහ තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගැනීම සඳහා සටන් කරන ජනතාවගේ විරෝධතා මර්දනය කිරීම පිළිබඳව මහනායක හිමිවරුන් අවධානය යොමු කළ බව නාහිමියෝ පැවසූහ.

පළමු ඉල්ලීම ලෙස ත්‍රිවිධ කාරක සංඝ සභාව කැඳවා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, මර්දනකාරී ක්‍රියාමාර්ග සහ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාමාර්ගවලට එරෙහිව වහා තීරණයක් ගන්නා ලෙස මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව උදිත හිමියෝ පැවැසූහ.

පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ නායක හිමිවරුන් කැඳවා සංඝ සම්මේලනයක් පවත්වන ලෙස ද මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“දින නියමයක් නොමැතිව කල් දැමූ පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිසමට පහසු දිනයක පැවැත්වීමට රජයට “සංඝ ආඥාවක්” නිකුත් කරන ලෙසද අපි නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියෙමු. එමෙන්ම මහා නාහිමිවරුන්ගේ අණ පිළිපැදීමට රජය අපොහොසත් වුවහොත් රජයට එරෙහිව ජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි හෙළි කරන්න යනුවෙන්ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions