Home » මැතිවරණය අප්‍රේල් 25 ත් නෑ

මැතිවරණය අප්‍රේල් 25 ත් නෑ

by Nirodha Gamage

පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ නමුත්,එය තවදුරටත් කල් යන බව දේශපාලන ආරංචි සඳහන් කරනවා. මෙතෙක් මැතිවරණය සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යංශය නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බවයි පවසන්නේ.කෙසේ වෙතත් මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.තත්වය එසේ වුවද මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැදවනු ලැබුවද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි .

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති නිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.

තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර තිබුණද පවතින තත්වය හමුවේ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පැවසෙන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions