Home » මැතිවරණය අදියර කිහිපයකින් පැවැත්වීමේ යෝජනාවක්

මැතිවරණය අදියර කිහිපයකින් පැවැත්වීමේ යෝජනාවක්

by Nirodha Gamage

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (7) පැවැත්වෙනු ඇත. මැතිවරණය අදියර කිහිපයකින් පැවැත්වීම පිළිබඳ යෝජනාවක් මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙන බව මූලාශ්‍ර පවසනවා.

අදියර කිහිපයකින් මැතිවරණය පැවැත්වුවහොත් මැතිවරණ දිනයන් ලෙස දින කිහිපයක් ප්‍රකාශ කිරීමට සිදුවේ.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම යෝජනාව සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති සියලුම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අමතරව, මැතිවරණ කොමිසම පොලිස්පති , රජයේ මුද්‍රණාලයාධිපතිවරයා, තැපැල්පතිවරයා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු හමුවනු ඇත.

එමෙන්ම දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයින් සමඟ තවත් සාකච්ඡාවක් අද (7) පැවැත්වෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions