Home » මාළිමාව පොළොන්නරුව හොල්ලයි 5/6 ක ජයක්

මාළිමාව පොළොන්නරුව හොල්ලයි 5/6 ක ජයක්

by Nirodha Gamage

සති අන්තයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති තුනක නිලවරණ පැවැත්වුණු අතර මේ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජාතික ජන බලවේගය සහය දැක්වූ කණ්ඩායම් තරඟ වැදුණා. ඒ අතරින් ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම් අති විශාල ජයග්‍රහණයන් අත්පත් කරගත් අතර එය 5/6 ක බලයක් ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අනුව හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර නිලවරණයේ සභික දුර 60 න් 43 ක් ද, කවුඩුල්ල සමුපකාර සමිතියේ සභික දුර 72 න් 60 ක් ද, පුලස්තිගම සමුපකාර සමිති සභික දුර 78 න් 70 ක් ද මෙසේ ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය සහය දුන් කණ්ඩායම් වලට කිසිඳු සැලකිය ග්‍රහණයක් ලබා ගැනීමට හැකි වී නැත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions