Home » මාළිමාවේ රෙදි ගැලවූ කොළඹ මාළිමාවේ පුරපති අපේක්ෂිකාවගේ මල්ලී

මාළිමාවේ රෙදි ගැලවූ කොළඹ මාළිමාවේ පුරපති අපේක්ෂිකාවගේ මල්ලී

by Nirodha Gamage

කොළඹ නගර සභාව සඳහා මාළිමාවේ පුරපති අපේක්ෂිකාවගේ සහෝදරයා සමාජ මාධ්‍ය නාලිකාවක් සමග පැවැත්වූ වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණ සහ තම සහෝදරියව දැඩිව විවේචනය කළේය.

ඇයට දේශපාලනය කිරීමට අයිතිය ඇතත් ඇයගේ ක්‍රියා කළාපය හේතුවෙන් තමන්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් තමන්ගේ සහෝදරියගේ ප්‍රකාශ පිළිබඳව තමන් දැඩි ලැජ්ජාවට පත් වන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකත්වය විවේචනය කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනීසිටින බව කියා සිටියද ඔවුන්ගේ ක්‍රියාවන් ධනපති පන්තියේ ක්‍රියාවන් හා සමාන බව කියා සිටියේය.

එසේම තම සහෝදරිය මාලිමාවේ අයට රැවටී ඇති බවද ඔහු පැවසීය.

 

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions