Home » මාලිමාවේ නීත්‍යානුකූලභාවය අහෝසි වෙයිද? – රටේ රාළ

මාලිමාවේ නීත්‍යානුකූලභාවය අහෝසි වෙයිද? – රටේ රාළ

by Plus One

2023 දෙසැම්බර් 20 වෙනිදා ” අනුර සමඟ මැතිවරණ කොමිෂම හෙලුවෙන් ” ලිපියෙන් රටේ රාළ පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණ නීති විරෝධීව වගේම සදාචාර විරෝධීව මැතිවරණ පනත සහ රටේ මූලික නීතිය චේතනාන්විතව උල්ලංඝණය කරලා තියන විදිහ ගැනයි.ඒ වගේම මේ නීති විරෝධී සහ ජනතා විරෝධී ක්‍රියාවට වගකීම් විරහිතව සහය දීලා තියෙන්නේ අපේ රටේ මැතිවරණ කොමිසම බවත් රටේ රාළ පෙන්වා දුන්නා.

ඒ හරහා මැතිවරණ කොමිෂම මැතිවරණය පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියනවා.මේ සම්බන්ධව ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික ලාල් කාන්තගෙන් කරපු වීමසීමකදී එහෙම දෙයක් වෙලා නෑ,ඒක සම්පූර්ණ බොරුවක් කියලා ලාල් කියලා තිබුණා. ජවිපෙ ගිරාපෝතක සමාජිකයන් තවමත් ඒ කතාව විස්වාස කරනවා ඇති.ලාල්ගේ ඒ ප්‍රකාශයත් එක්කම ඊට අදාලව මැතිවරණය කොමිෂමෙන් ලබාදීලා තියෙන පැහැදිලි කිරීම් සියල්ල රටේ රාළ ප්‍රසිද්ධ කළා.

ජවිපෙ එතනදී ප්‍රශ්නය මඟැරලා ලිස්සලා ගියා.ඒ ලිපිය අවසානයේ රටේ රාළ මේ රටේ යුක්ති ගරුක නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලුවේ මේ නීති විරෝධීව ක්‍රියාවට සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලයි.අපේ රටේ නීතියේ බොහෝ තැන්වල හිල් තියනවා.ඒවායින් රිංගන වංචනිකයන් හැම තැනකම ඉන්නවා.දේශපාලන පක්ෂවලත් ඉන්නවා.හැබැයි නීතියේ තියන හිල් වහන්න කතා කරන ජවිපෙ එහෙම කරයි කියලා එකපාරට පිලිගන්න ගොඩක් අය මැලිවෙනවා.

ජවිපෙ ඉතිහාසය ඇතුලේ පැහැදිලිවම යුක්තිය වෙනුවෙන් කරපු අරගලයක් තිබුණා.රටේ රාළලා ඒ අරගලයේ කොටස්කාරයෝ.අදත් ඒ ගැන ආඩම්බරයක් රටේ රාළට තියනවා.ඒ එදා ජවිපෙ ජනතාවගේ පැත්තේ ඉඳන් ඒ අරගලය කරපු හින්දයි.ඒ ඉතිහාසය පුරාම ජවිපෙ යුක්තිය ඉෂ්ඨ වෙන නිතියක් වෙනුවෙන් පෙනී හිටියා.ජවිපෙට මොනතරම් හානි උනත් ජනතාවට අවංක වෙලා වැඩ කළා.ඉතිහාසයේ ගොඩක් තැන්වලදී ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලනය කරන්න පාලකයේ ඉඩ දුන්නේ නෑ.

විවිධ අභූත චෝදනා නගමින් ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් කැලේට තල්ලු කරන්න උත්සහ කළා.1994 වෙනකොට ජවිපෙ සැහෙන දුෂ්කරතා මැද ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුලත් වුනා.මේ දක්වා ඒ මාවතේ ආපු ජවිපෙට ජයග්‍රහණ වගේම පරාජයනුත් ඕනි තරම් තියනවා.වර්ජතමාන ජවිපෙ විසින් එදා ඉතා දුෂ්කර තත්වයන් යටතේවත් ජවිපෙය අත්නොහරිය සාධනීය ලක්ෂණ සියල්ල කීතු කීතුවලට ඉරාලා දාලා ඉවරයි.

අද ජනතාවට බොරු කරන ජවිපෙයක් නිර්මාණය වෙලා තියනවා.ජවිපෙ එතනට පත්වුනේ වත්මන් අත්තනෝමතික මූලධර්මවාදී කණ්ඩායම ජවිපෙ බලය අල්ලා ගැනීමත් එක්ක.අද ජවිපෙ මෙහෙයවන්නේ ඒ මුලධර්මවාදී කල්ලිය විසින්.ඒකට නායකත්වය දෙන්නේ ජවිපෙ වත්මන් නායක අනුර කුමාර,වත්මන් ලේකම් ටිල්වින් සිල්වා,දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් සහ ලාල් කාන්ත කියන අයයි.

ජවිපෙ දැන් සියලු ජනතාවාදී සටන අත්හැරපු ජනතාව පාවාදුන්න ජනතා ද්‍රෝහී සංවිධානයක් බවට පත්වෙලා ඉවරයි.එලියට පෙන්නන සිල්වත් මිනිසා අද ජවිපෙ ඇතුලේ නෑ.ජවිපෙ සාමාජිකයා පන්සිල් රකින බව කියන ටිල්වින් කියන්නේ දස අකුසල් කරන කෙනෙක්.එයාලා සියලු වංචා කරන්නේ ලෝකයට හොරෙන්. තමන්ගේ සාමාජිකයටත් හොරෙන්.එයාලා රටේ ජනතාවත්, තමන්ගේ සාමාජිකයාටත් කරන්නේ මහා වංචාවක්.

එයලාගේ මූල්‍ය ක්‍රියාවලිය යුක්ති සහගත එකක් නෙවෙයි.ඒ වගේම එයාලා මතුපිටින් පෙන්වන්න ජීවිතවලට වඩා ගොඩක් ගුප්ත සහ දුෂ්ඨ ජීවිත එයාලා ගත කරනවා.ජවිපෙ අදත් කියන්නේ මේ දුෂිත system එක කුඩුපට්ටම් කරන්න ඕනි කියලයි.එහෙම කියන ජවිපෙ මේ රාජ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයම යොදාගෙන තමන්ට අවශ්‍ය හොර තක්කඩි වැඩටික කරගන්නවා.ජවිපෙ නායකයන් පෞද්ගලිකවත් පක්ෂයක් විදිහට දේශපාලනිකවත් ඒ තක්කඩ් වැඩේ කරනවා.

ඒකට තියන හොඳම උදාහරණය තමයි ජවිපෙ මැතිවරණ කොමිෂමත් එක්ක එකතු වෙලා මැතිවරණය පනත සහ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක උල්ලංඝනය කරමින් කරලා තියන මේ වංචාව.ජවිපෙ මධ්‍ය කාරක සහාවේ නියෝජිතයන් තුන් දෙනෙක්ගේ නමින් පක්ෂ තුනක් ලියාපදිංචි කරලා තියන බව දැන් ජවිපෙ සාමාජිකයන් විතරයි දන්නේ නැත්තේ.දැන් ඒක රටම දන්න රහසක්.

ඒ හරහා ජවිපෙ සහ මැතිවරණ කොමිෂම අපේ රටේ ජනතාවගේම ඡන්ද අයිතිය මංකොල්ල කාලා තියනවා.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන අපේ වගේ රටක තවත් පක්ෂ කීපයකට හිමිවෙන්න ඕනි අවස්ථාව ජවිපෙ විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධි විදිහට උදුරගෙන තියනවා.මැතිවරණ කොමිෂමත් ඊට ඉඩදීලා තියනවා.ඒ හින්දා ජවිපෙට ඉස්සෙල්ලා මේ අවනඩුවේ ප්‍රධාන චූදිතයා බවට පත්වන්නේ මැතිවරණය කොමිෂමයි.මෙතනදී ජවිපෙ මධ්‍ය කමිටු සාමාජිකයන් වන විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුන ආරච්චි නමින් ජවිපෙට අමතරව තවත් පක්ෂ දෙකක් ලියාපදිංචි කරලා තියනවා.

ලක්ෂ්මන් නිපුන ආරච්චිගේ සභපතිත්වය යටතේ ලියාපදිංචි කරපු හාවා ලකුණ දරණ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකක්.ඒ පක්ෂය තමයි පස්සේ නම වෙනස් කරලා අද ජාතික ජන බලවේගය විදිහට පවත්වාගෙන යන්නේ.එතනදී ජවිපෙ ඉතාමත් වංචනික විදිහට ජවිපෙ නායකයා අනුර දිසානායක විදිහටත්,මාලිමාවේ නායකයා අනුර කුමර දිසානායක විදිහටත් කුඨ ලේඛන මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කරලා තියනවා.

ඒවා සියල්ල කිසිදු වග විභාගයකින් තොරව මැතිවරණ කොමිෂමත් පිලි අරන්.මැතිවරණ කොමිසම කරලා තියන වගකීම් විරහිත වැඩ හින්දා ලියාපදිංචිය හිමි වෙන්න ඕනි පක්ෂ ගණනාවකට ලියාපදිංචිය හිමිවෙලා නෑ.තමන් සංවිධාන පිලිගත් දේශපාලන පක්ෂයක් විදිහට නොපිලිගැනීමට එරෙහිව ” විනිවිද පදනම ” කියන සංවිධානය මේ වෙනකොටත් මැතිවරණ කොමිෂමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියනවා.නඩු අංක (SC/Writ/08/2022) යටත් ඊට එරෙහිව නඩු පවරලා තිබෙනවා.

ඒ නඩුවේ සාක්ෂියක් විදිහට මැතිවරණ කොමිෂම විසින් නීතිවිරෝධීව ට ජවිපෙට තවත් පක්ෂ දෙකක් ලියාපදිංචි කිරීමඅවස්ථාව ලබාදීම සම්බන්ධවත් ඉදිරිපත් කරලා තියනවා.මේ සම්බන්ධව සාධාරණ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙයි කියලා විශ්වාසයක් අපටත් තියනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ නඩුව වෙනුවෙන් මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා ඇති ලිපිත් සියල්ල රටේ රාළ සතුව තියනවා.ඒ වගේම මැතිවරණ කොමිෂම 2024/10/08 දින ඒ වෙනුවෙන් සැපයු ලිපියත් ඊට මැතිවරණ කොමිෂම ලබා දනී පිලිතුරත් රටේ රාළ සතුව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුවක් බැවින් ඒ සම්බන්ධව කතා කිරීමේ සිමාවන් තියනවා.මෙතනදී සිද්ධ වෙන්න පුළුවන් දේ විදිහට රටේ රාළ දකින්නේ නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා තියන ජනතා විමුක්ති පෙරමුණ ඉතිරිවෙලා නීති විරෝධී විදිහට ලියාපදිංචිය කරලා තියෙන ජාතික ජන බලවේගය සහ විජිත හේරත් ලේකම්ධූරය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානේ නීත්‍යානුකූභාවය අහෝසි වීමයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions