Home » මහ සටන අත ළඟ – අස්පට් ෂූටිං

මහ සටන අත ළඟ – අස්පට් ෂූටිං

by Plus One

ආයුබෝවන් මචංලා……හාමු කවුන්සිලේ තාවකාලිකව විඩිරෝ කළා නේද?ඇයි බං හාමු එහෙම කළේ.ඒ ගැන උඹලට තියන අයිඩියා එක මොකද්ද?අස්පට් ෂුටිං නං කියන්නේ හාමු candidate විදිහට එනවා කියන්න ද,හොඳම සාක්කිය ඕක.

ඇයි බං තේරෙන්නෙ නැද්ද හාමු මේ reset පාරක් දාන්නේ කියලා.කැම්පේන් එකට බහින්න නං හාමුට කියලත් හොඳ සේනාකංයයක් ඕනිනේ මචං.මේ තියන එකත් එක්ක යුද්ධයක් කරන්න පුළුවන්ද කියහංකෝ.එකේ වැඩි හරියක් ඉන්නේ යුද්ධ කරපු උන් නෙවෙයි ශුද්ධ කරපු උන්නේ.

ඒකත් තියෙන්නේ මහී අතේ.තව ටිකක් විපක්ෂේ.තව ටිකක් ස්වාධීනයි.ඔහොම පුළුවන්ද මචං ලප කුමාර සහෝදරයත් එක්ක හැපෙන්න.බලපං ලප කුමාර සහෝදරයට සේනාංක කීයක් නං තියනවද කියලා.ගණිකා සේනාංකය තියනවා,88/89 ජෙප්ස්ලට ගහලා විනාශ කරපු තෝරදෙනිය සේනාකංය ඉන්නවා.

මෝල් කාන්ත සහෝදරයාගේ විකෘති සමිති සේනාකංය ඉන්නවා.ගිරාපෝතක සේනාකංය ඉන්නවා.Facebook සේනාකංය ඉන්නවා.හතර දෙනාගේ කල්ලියට වෙන වෙනම සේනාක තියනවා.

හාමුට එක සේනාකංයක්වත් හරියට තියනවද?නිකං හිතපං අලි සේනාංකයවත් හරියට තියනවද කියලා. ඒක අණ දෙන නිළධාරියාගේ ඉදන්ම අස්පට්.පොලිස් ටයිප්.

එහෙම තියාගෙන කොහොමද කියහංකෝ ලප කුමාර සහෝදරයා වගේ කෙනෙක් එක්ක හැපෙන්නේ.මචං උඹලා හිතන්නේ හාමුගේ අයිඩියා එක මොකක් කියලද?අස්පට් ෂූටිං හරියටම කියන්නද හාමුගේ අයිඩියා එක.හාමු මචං ගේම ගහන්න හදන්නේ පුටින් ටයිප් එකට.

හාමු හදන්නේ වැග්නර් වගේ කුලී හමුදාවක් ගන්න.එකක් නෙවෙයි දෙකක්. කවුද කියනවලකෝ මෙහේ එහෙම ගන්න ඉන්න වැග්නර්ලා.දැනට USA වලට පැනලා ඉන්න බීආර්ගේ සේනාකංය ඉන්නා.ඒක සම්පුර්ණයෙන්ම යටත් කරගන්න තමයි හාමු ඔය හදන්නේ.

ඒකට තමයි මචං ඔය වාර අවසාන් කිරීමේ සහ  ඊෂෆල් මෙහෙයුම ගේන්නේ. ඔය දෙකෙන් සෑහෙන දුරකට වැඩේ තලා ගනි.එතකොට උඹලා අහයි අනිත් වැග්නර් සේනාකංය මොකද්ද කියලා.ඇයි බං ලොකුම වැග්නර් සේනාකංය ඉන්නේ කමාන්ඩර් සජා ළඟ නේ.ටෙලිපෝන් බලකාය.ඒක දැනටමත් ලප කුමාර සහෝදරයගේ සේනාංකත් එක්ක ground එකේ සටන් කරමින්නේ ඉන්නේ.

ඒකටත් එක්ක තමයි මචං හාමු වාර අවසන් කිරීමේ සහ රීෂෆල් මෙහෙයුම ගේන්නේ.ඒකෙනුත් බැරි උනොත් ඊළඟට එන්නේ .” operation ඩයනා ” මෙහෙයුම. ඒක පටන් ගන්නේ අලුත් කඩේ පැත්තෙන්. ඊට පස්සේ තමයි හාමු  – ලප කුමාර යුද්ධය පටන් ගන්නේ.අන්න ඒක තමයි බලන්න ඕනි සටන.

අස්පට් ෂූටිං.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions