Home » මහේල – සංගා මගහරිති

මහේල – සංගා මගහරිති

by Nirodha Gamage

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරී මණ්ඩලය කැඳවමින් නව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 වෙනිදා) පැවැති සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහභාගි වී නොමැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ පෙරවරු 10.30ට පමණ පවත්වන ලද එම සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වන ලෙස ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධනට සහ කුමාර් සංගක්කාරට ආරාධනා කර තිබුණි.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනකු ඒ සඳහා සම්බන්ධ වී ඇති අතර ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නැවත ජාතික ක්‍රීඩා සභාවට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඇමැතිවරයා එහිදී අදාළ නිලධාරීන්ගෙන් විමසීමට ලක් කර ඇත.

නිලධාරීන් සියලු දෙනා මේ සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැති හෙයින් සියලු දෙනාගෙන් ඒ සඳහා පුද්ගලිකව අදහස් විමසීම වඩාත් උචිත බව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් ඇමැතිවරයාට පිළිතුරු සපයා ඇත.

ඒ අනුව ඇති කර ගත් එකඟතාවය මත සාකච්ඡාව අවසන් වී තිබෙන අතර ඉදිරියේ දී ඊට අදාළ කටයුතු ඇමැතිවරයා විසින් සිදු කෙරෙණු ඇති බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions