Home » මහින්ද යළි අගමැති කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

මහින්ද යළි අගමැති කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

by Nirodha Gamage

පසුගිය වසර මැයි 09 වනදා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යළි අගමැති තනතුර සඳහා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් නිදහස ජනතා සභාව ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ගිය කණ්ඩායම සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මහාචාර්යවරයා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්..

මහින්ද රාජපක්ෂ යළි අගමැති ලෙස නම් කිරීමේ සූදානමක් පවතින බවට පසුගිය කාලයේ පැතිර ගිය කතාව පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.

එහිදී අදහස් පළකළ මන්ත්‍රීවරයා,

“ඇත්තටම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අපේ මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගන ඇවිල්ලා තියනවා.අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කරන්න යම් වැඩ පිළිවෙලක් යනවා කියලා, දිනේෂ් ගුණවර්ධන මහත්මයා අයින් කරලා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාව යළිත් වරක් අගමැති තනතුරට පත් කිරීමේ වැඩ පිළිවෙලක් තියනවා.ඇත්තටම අපි හිතනවා හිසේ අමාරුවට කොට්ට මාරු කරලා හරියන්නෑ” යනුවෙන් පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions