Home » මහින්දානන්දගේ ගුවන් ගමන් නතර කළැයි ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

මහින්දානන්දගේ ගුවන් ගමන් නතර කළැයි ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

by Nirodha Gamage

පසුගිය 10 වැනිදා රාත්‍රියේ විදේශගත වීමට උත්සාහ කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ආගමන විගමන නිලධාරීන් විසින් නතර කර ඇති බව වාර්තාවේ.

මතුගම අධිකරණයෙන් පැනවූ විදේශ ගමන් තහනමකට අලුත්ගමගේ මහතා මුහුණ දී සිටින බව ආගමන විගමන නිලධාරීහු පසු අතර එය හිටපු ඇමැතිවරයා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, ඔහු සිය සංචාරය අවලංගු කර ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට ද දැනුම් දී ඇති බව වාර්තාවේ.

ආගමන විගමන පාලක ජනරාල්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දත්ත ගබඩාවේ ඇති විය හැකි දෝෂයක් මෙයට හේතුව විය හැකි බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. මෙයට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා ලබන සඳුදා පරීක්ෂණයක් පවත්වන බවද ඔහු සඳහන් කර ඇත.

එම දෝෂය නිවැරදි කිරීමෙන් පසු අලුත්ගමගේ මහතාට විදේශ ගතවීමට අද අවසර ලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පරීක්ෂණය අවසන් වනතුරු ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

හිටපු අමාත්‍යවරයා මීට පෙර කොළඹ මහාධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනමකට මුහුණ දුන් අතර පසුව එය ඉවත් කෙරුණා.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions