Home » “මහමැතිවරණයක් තියන්න” හකීම්ගෙන් රනිල්ට අභියෝගයක්

“මහමැතිවරණයක් තියන්න” හකීම්ගෙන් රනිල්ට අභියෝගයක්

by Nirodha Gamage

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සෙනසුරාදා (4) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මහ මැතිවරණය පවත්වන ලෙස අභියෝග කළේය.

“ජනාධිපතිතුමා කියනවා පළාත් පාලන මැතිවරණයෙන් වැඩක් නැහැ, ආණ්ඩුවක් වෙනස් කරන්න පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි කියලා. එහෙම නම් මහ මැතිවරණයක් තියන්න. අපට අවශ්‍ය වන්නේ මැතිවරණයක්. මහ මැතිවරණයක් පැවැත්වුවා නම් හොඳයි”, ඔහු ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවට ඡන්ද බලය පාවිච්චි කිරීමට රජය ඉඩ දිය යුතු බව පැවසූ රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම මැතිවරණයක් බවද පැවසීය.

“මැතිවරණය කල් දැමීමේ පියවර පිටුපස සිටින අදෘශ්‍යමාන හස්තය ජනාධිපතිවරයා” බව ඔහු කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions