Home » මනාප ක්‍රමයට එරෙහිව රනිල් සටනට…

මනාප ක්‍රමයට එරෙහිව රනිල් සටනට…

by Nipuna Fernando

දූෂිත දේශපාලනයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බවත්, එම නිසා වහාම මනාප නොවන ක්‍රමයක් හෝ මිශ්‍ර මනාප ක්‍රමයකට යා යුතු බවත්, මැතිවරණ සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණයට මැතිවරණ නීතියෙන් සීමා පැනවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට අදහස් කරන බවත්, එම සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩු කර, ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

එසේම පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත්, ලබන වසරේ ජූලි මාසය වන විට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions